IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


බොස්නියා-සර්බි හිටපු හමුදාපතිට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි

මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවලට ලක්ව සිටින බොස්නියා/සර්බි හිටපු හමුදාපති රැට්කෝ ම්ලැඩික්ට එරෙහි නඩු විභාගය ඊයේ (17) හේග් නුවරදී ආරම්භ විය. නීතිය හමුවට පැමිණ විය යුතු අංක එකේ  අපරාධකරුවකු ලෙස සැලකුණු ම්ලැඩික් (70) ඉකුත් වසරේ මැයි 26 වැනිදා අත්අඩංගුවට ගැණුනේ උතුරු සර්බියාවේ ගම්මානයක සැඟවී සිටිද්දීය. ඒ, වසර 16 ක සෙවිල්ලකින් පසුය. ඉන්පසු ඔහු සර්බියා අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි. ඊයේ නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවුවට ඔහු යොමු කෙරුණේ සර්බියාවේ අධිකරණය හමුවේ වරදකරුවීමෙන් පසුවය. සර්බියා නමින් රාජ්‍යයක් බිහිවූයේ යුගොස්ලොවේකියාව බෙදී වෙන්ව යද්දීය. එහිදී බොස්නියා මුස්ලිම්වරුන්ට සහ කොරේෂියාවට එරෙහිව හටගත් යුද්ධය 1995 වසර තෙක් පැවැතුණි. 1995 වසරේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂාව යටතේ බොස්නියාවේ පැවැති ස්‍රෙබ්රෙනිකා පළාතට ම්ලැඩික් සිය හමුදා මෙහෙයවා එම පළාතේ සිටි බොන්සියානු මුස්ලිම් පිරිමින් සහ ළමයින් අට දහස් ගණනක් අමුඅමුවේ මරා දැමීමට අණ කරඇත. ම්ලැඩික්ගේ හමුදා මාස 44 ක් පුරා බොස්නියාවේ සරයේවෝ නගරය අල්ලා ගෙන සිටියේය.  ම්ලැඩික්



අදහස් (0)

බොස්නියා-සර්බි හිටපු හමුදාපතිට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site