බලයෙන් නෙරැපූ ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර පෙරේදා (9) දරුණු ගැටුම් හටගත් අතර, එම පිරිස් විසුරුවාලීමට පැමිණි හමුදා සෙබළුන් එල්ල කළ වෙඩි පහරවලින් මොර්සි ආධාරකරුවෝ 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 435 දෙනෙක් තුවාල ලැබූහ.
මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය චෝදනා කරන්නේ හමුදා සෙබළුන් මොර්සිගේ ආධාකරුවන් සොයමින්, ඔවුන්ට වෙඩි තැබූ බවය.
ඊජිප්තුවේ ඉකුත් සතියේ සිදුවුණු හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු බලයෙන් නෙරැපූ ජනපති මොර්සි අත්අඩංගුවට ගැණුනු අතර ඔහු රඳවා තැබෙන්නේ කයිරෝ අගනුවර හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේය. විරෝධතාකරුවන් සහ මොර්සි ආධාරකරුවන් අතර ගැටුම් හටගත්තේ එය ඉදිරිපිටය.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුකොට ගෙන කයිරෝ අගනුවර එකම යුද පිටියක් වී ඇතැයි ද පැවැසෙයි.
අසල්වැසි තුර්කිය පවසා ඇත්තේ ඊජිප්තු හමුදාව විසින් සිදුකළ එම ඝාතනය ‘සමූල ඝාතනයක්’ කියාය. ඊජිප්තුවේ සිවිල් යුද්ධයක් ආරම්භ වීමේ අවදානමක් ඇතැයි ද තුර්කිය බිය පළ කර සිටී.
හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, ඊජිප්තුවේ පිහිටු වූ අන්තර්වාර රජයේ නව ජනපතිවරයා ලෙස බලයට පත් හිටපු අගවිනිසුරු ඇඞ්ලි මන්සූර් පෙරේදා නව අගමැතිවරයකු පත් කිරීමට නියමිතව සිටියේය.
නව අගමැති ධුරයට දෙදෙනකුගේ නම් යෝජනා වී ඇත. ඉන් එක් අයකු නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඞ් එල් බේරූට්ය. දෙවැනියා සිහාඞ් එල්ඞීන් ය. ඔහු නීතීඥවරයෙකි.
නව අන්තර්වාර ජනාධිපති මන්සූර් පවසා ඇත්තේ 2014 දී ඊජිප්තුවේ මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවය.
ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි බලයෙන් ඉවත් කිරීමේ හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කෙරුණේ පසුගිය 3 වැනිදාය.
අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමෙන් පසු, ඊජිප්තුවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි ය. ඔහු ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා ද වෙයි.
ජනපති මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඉකුත් සති අන්තයේය. ඒ, ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය. විරෝධතා සංවිධානය කළේ, ඊජිප්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
|
මොර්සි ආධාරකරුවෝ |
|
ඊජිප්තු හමුදාව |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොත් පාඩම් කරල පන්ති පාස්වෙන එක තමයි මොළේ කියල හිතන් ඉන්නවා වගේ කට්ටිය. (අ)
'රෝස වසන්තය' මොනතරම් සුන්දරද? (නි)
බුදු කෙනෙක්ගේ උපත දුර්ලභයි, බුදු කෙනෙක්ගේ ඉගැන්වීම් අහන්න ලැබීම ඊටත් වැඩ දුර්ලභයි... 100% ඇත්ත.(නදී)
චානක එතකොට ජෙරාඩ් වගේ කට්ටියට මොනා වෙයිද දන්නේ නැහැ නේ? එතකොට අදටත් මස් කන උදවියට එහෙම?(නදී)
රුචිරා කියන්නේ සහතික ඇත්ත (දී)
මම නම් කැමැතියි මෙහෙම වෙනවට (දී)
රුචිරා, නුවන්, ඔයගොල්ලන්ගේ මෝඩ මොලේට බෙහෙත් නැහැනේ, අපේ රටේ අයට මොලේ තිබ්බා කියලා මොනවද රටට වෙලා තියෙන්නේ? අනිත් රටවල් එක්ක බැලුවහම තවම අපි අවුරුදු 20 ක් පිටිපස්සේ (දී)
අපේ රටේ ජනතාව මේ වගේ ශක්තිමත් නැහැ (දී)
රංගා අමතක කරන්න එපා අපිට නිදහස ලැබිල අවරුදු 65ක් උනා, එකෙන් අවරුදු 30ක්ම අපි යුද්දෙන් බැට කෑව,(අ)
පොඩි කාලයේ ඉදලම සත්තු මරණ විදිය පුරුදු කරන සමාජයක මිනිස්සුන්ට කිසිම සහනයක් හිතට ලැබෙයි ද ? බුදු කෙන්ක්ගේ උපත දුර්ලබයි, බුදු කෙනෙක්ගේ ඉගැන්වීම් අහන්න ලැබීම ඊටත් වැඩ දුර්ලබයි... (නි)
අචිනි ඊජිප්තු ජාතිකයන් හා ලාංකිකයන් සසදන්න එපා ! උන් ශක්තිමත් කියල ඔයා හිතනවානම් ඔයා දැනගන්න උන්ට මොලේ නෑ. හැබැයි අපිට ශක්තියත් තියෙනවා මොලේත් තියෙනවා. ඔයා කවදාහරි ඊජිප්තු ගියොත් හරි උන් එක්ක වැඩ කොලොත් හරි ඔයාගේ ටිකිරි මෝලේටත් ඒ බව තෙරෙයි. එතකන් ඔයා පව් .... (අ)
චානක ඔබ හරි. මේ මිනිස්සු කවදා ඔය වගේ දේවල් වලින් වැළකිලා බුද්දාගම පැත්තට එවිද දන්නේ නැහැ.(නදී)
මෙහෙම ගියොත් අපේ රටට වෙන්නෙත් මේකම තමයි. අනේ මන්දා. (අ)
චානක ඔබ හරි (දී)
චානක පිස්සෙක් කතා කරනවා. (අ)