බ්‍රසීල ජනපති අපේක්ෂක එඩුආර්ඩෝ කම්පෝස් අද (13) ගුවන් අනතුරකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එළැඹෙන ඔක්තෝබරයේ බ්‍රසීලයේ පැවැත්වෙන ජනපතිවරණයට අපේකෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින එඩුආර්ඩෝ කම්පෝස් එරට සමජාවාදී පක්ෂයේ නායකයාය.
ඔහු ගමන් කළ යානය බ්‍රසීලයේ සැන්ටෝස් නුවර නගරයකට කඩා වැටී ගිනි ගෙන විනාශ වූ බව බ්‍රසීල වාර්තා සඳහන් කළේය.
යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් හත් දෙනකු සිට ඇති අතර ඔවුන් සියලූ දෙනාම ජිවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බ්‍රසීල වර්තමාන ජනපති ඩිල්මා රුසෙෆ්ව පරාජය කළ හැකි අපේක්ෂයා එඩුආර්ඩෝ කම්පෝස් යැයිද දේශපාලන විචාරකයන් මත පළ කර තිබුණි.
සැන්ටෝස්හිදීය (ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද අපේක්ෂකයෝ ඡන්ද කාලේ ලංවෙද්දි බොහොම පරෙස්සම් විය යුතුයි.විශේෂයෙන් තමන් යන එන ගමන් බිමන් වලදී.(දිල්)
ගුවන් නියමුවාගේ , හෝ ඔහුගේ සහයකයන්ගේ නිවෙස් ඉදිරිපිට විරෝදත පවත්වන්නේවත් ගෙවල් වලට ගල් ගහන්නේ වත් නැහැ නේද ?මිය ගිය අය ගැන ශෝක වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැහැ. (නදී)
ලංකාවේ අපේක්ෂකයන්ට එහෙම වෙන එකක් නැහැ නේද ? (නදී)
මේක නම් ෂුවර් කරලා ගහපු ගේමක් වගේ තමයි මට පේනනේ (නදී)
ලංකාදීපය ගොඩක් හොඳ පුවත් වෙබ් අඩවියක් (නි)
පිටසක්වල ජීවීන්ගේ වැඩක් වෙන්න බැරිද? (නදී)
මීළඟ ජනාධිපතිවරනෙට මේ ලෙඩේ ලංකාවේ යානා වලටත් බෝ වෙයිද? (දී)
ඒකත් දේශපාලන කුමන්ත්‍රණයක් වෙන් අති.....(දී)
ලංකාවෙත් මොනවහරි වෙයි (දී)
මෙයත් දේශපාලනීය කුමන්ත්‍රණයක් වෙන්නට පුළුවන. (නදී)
මැතිවරණ ප්‍රචාරක කටයුතු නිසා සුළු ගුවන් යානයක් වෙන්න ඇති. ගුවන් අනතුරු බහුලව සිදුවෙන මේ කාලයේ ආරක්ෂාව ගැන අපේක්ෂකයින් සැලකිලිමත් වීම නුවණට හුරුයි. බලවත් කණගාටු දායක සිද්ධියක් නිසා එම පක්ෂයේ ඊළඟ නියෝජිතයා නම් ගොඩ. (නදී)
එහෙනම් ඉතින් සුපිරි ගේමක් වෙන්නැති ! (නදී)