බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර තම තානාපති කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂාව ලැබ සිටින විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගන්නා බවට බි‍්‍රතාන්‍ය රජය කළ තර්ජනය ඊයේ (26) ඉල්ලා අස්කර ගත්තේ යැයි එක්වදෝර ජනාධිපති රෆායෙල් කොරේයා පවසයි. ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ඇසෙන්ජ් (41) ස්වීඩනයට බාර දීමෙන් වැළැකී බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලැබ සැඟවුණේ මීට මාසයකට පමණ පෙරදීය. ඇමෙරිකාවේ රාජ්‍ය සහ යුදමය රහස් ලොවට හෙළි කිරීමෙන් ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට (උදර්පනය) බි‍්‍රතාන්‍ය රජය සූදානමින් වෙයි. ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වන්නේ ස්වීඩන අධිකරණයක් ඇසෙන්ජ් ඉල්ලා සිටීම නිසාය. ඇසෙන්ජ් ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනකු අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි. ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයේ සිටිද්දී, ඇමෙරිකාවට රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ වරදට දඬුවම් දීමෙන් ඔහුගෙන් පළි ගැනීමට ඇමෙරිකාවට නුපුළුවන්ය. ස්වීඩනයට පැමිණියහොත් ඇමෙරිකා රජයට තමා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ඇසෙන්ජ් පවසයි. ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස් එක්වදෝරයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. ඇසෙන්ජ් වහාම තමන්ට බාර දෙන ලෙසත් එසේ නොකළහොත් තානාපති කාර්යාලයට බලෙන් කඩා වැදී ඔහු අත්අඩංගුවට ගන්නා බවටත් බි‍්‍රතාන්‍ය රජය තර්ජනය කළේ එම අවස්ථාවේදීය.
2025 නොවැම්බර් මස 21
130
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
220
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බි‍්‍රතාන්‍ය රජය එක්වදෝරයට කළ තර්ජන ඉවත් කරගනී