ලන්ඩන්හිදීය (රොයිටර්ස්)
බ්‍රිතාන්‍යයේ විශාලතම යුද නැව ලෙස සැලකෙන එච්.එම්.එස් එළිසබෙත් රැජින නෞකාවේ කාන්දුවක් ඇතැයි ද කඩිනමින් අලුත්වැඩියා කළ යුතු යැයි ද බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි නෞකාවක් වන එච්.එම්.එස් එළිසබෙත් රැජින නෞකාව පවුම් බිලියන 3.1 :ඩොලර් බිලියන 4.2 වියදමින් මෑතකදී ඉදි කරන ලද නෞකාවකි.
ටොන් 65,000ක් වන මෙම නෞකාව බ්‍රිතාන්‍යය සතු තාක්ෂණයෙන් ඉහළම යුද වාහනය ලෙස සැලකෙයි. එච්.එම්.එස් එළිසබෙත් රැජින නෞකාව නිල වශයෙන් දියත් කරනු ලැබුවේ මීට සති දෙකකට පෙරය.
මීටර 280ක දිගින් සමන්විත මෙම නෞකාවෙන් පැයකට වතුර ලීටර 200කට වැඩි ප්‍රමාණයක් කාන්දුවන බවත් එම කාන්දුව සකසා නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා පවුම් මිලියන ගණනක් වැයවන බවත් බ්‍රිතාන්‍යෙය් සන් පුවත් සේවය වාර්තා කරයි.
(055)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දගේ වැඩත් දැන් දැන් "බලු" වගෙයි.
කොහොමටත් දැන් ඒගොල්ලෝ කාන්දුවෙන්න පටන් අරගෙන තියෙන්නේ හැම පැත්තෙන්ම.
කාන්දුවක් නවත්වන්න මිලියන ගාණක් වියදම් කරන්න ඕනෑ නැහැ. කොහොල්ලෑ එක්ක දුම්මල ටිකක් කලවම් කරලා කාන්දු වෙන තැනට ගැහුවානම් හරි.