IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය යුද නෞකාවේ කාන්දුවක්

ලන්ඩන්හිදීය (රොයිටර්ස්)

බ්‍රිතාන්‍යයේ විශාලතම යුද නැව ලෙස සැලකෙන එච්.එම්.එස් එළිසබෙත් රැජින නෞකාවේ කාන්දුවක් ඇතැයි ද කඩිනමින් අලුත්වැඩියා කළ යුතු යැයි ද බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි නෞකාවක් වන එච්.එම්.එස් එළිසබෙත් රැජින නෞකාව පවුම් බිලියන 3.1 :ඩොලර් බිලියන 4.2 වියදමින් මෑතකදී ඉදි කරන ලද නෞකාවකි. 

ටොන් 65,000ක් වන මෙම නෞකාව බ්‍රිතාන්‍යය සතු තාක්ෂණයෙන් ඉහළම යුද වාහනය ලෙස සැලකෙයි. එච්.එම්.එස් එළිසබෙත් රැජින නෞකාව නිල වශයෙන් දියත් කරනු ලැබුවේ මීට සති දෙකකට පෙරය. 

මීටර 280ක දිගින් සමන්විත මෙම නෞකාවෙන් පැයකට වතුර ලීටර 200කට වැඩි ප්‍රමාණයක් කාන්දුවන බවත් එම කාන්දුව සකසා නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා පවුම් මිලියන ගණනක් වැයවන බවත් බ්‍රිතාන්‍යෙය් සන් පුවත් සේවය වාර්තා කරයි.
 
(055)

 



අදහස් (4)

බ්‍රිතාන්‍ය යුද නෞකාවේ කාන්දුවක්

d.upul Tuesday, 19 December 2017 10:15 AM

සුද්දගේ වැඩත් දැන් දැන් "බලු" වගෙයි.

:       14       333

RichardWednesday, 20 December 2017 03:32 AM

සුද්දගේ වැඩ කවදත් බලු තමයි. ඒත් තාක්ෂණික දේවල් හරියටම කරා. දැන් ඒ අයටත් ආර්ථිකේ අමාරුයි. ලාභෙට කරන්න ගිහින් දෙල් වෙලා.

:       0       0

sunil Tuesday, 19 December 2017 04:43 PM

කොහොමටත් දැන් ඒගොල්ලෝ කාන්දුවෙන්න පටන් අරගෙන තියෙන්නේ හැම පැත්තෙන්ම.

:       0       0

sam Wednesday, 20 December 2017 09:05 AM

කාන්දුවක් නවත්වන්න මිලියන ගාණක් වියදම් කරන්න ඕනෑ නැහැ. කොහොල්ලෑ එක්ක දුම්මල ටිකක් කලවම් කරලා කාන්දු වෙන තැනට ගැහුවානම් හරි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 224 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site