IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මුරකාවල් දෙසට මෝටර් රථයක් කඩාවදී

ලන්ඩන්හිදීය (රොයිටර්)

 

බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තුවේ ආරක්ෂක මුරකාවල් දෙසට මෝටර් රථයක් කඩා වැදීමෙන් අද (14) පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබූහ. 

 

මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔහු වුවමනාවෙන් මෝටර් රථය ආරක්ෂක මුරකාවල් දෙසට ධාවනය කර ඇතැයි පොලිසිය සඳහන් කළේය. 

 

සිදුවීම වූ සැණින් ආරක්ෂක අංශ සහ හදිසි සේවා එම ස්ථානයට පැමිණි අතර එරට ත්‍රස්ත විරෝධී පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත. 

 

තුවාල ලැබූ දෙදෙනාගේ තත්ත්වය බරපතල නැතැයි ද බි‍්‍රතාන්‍යය පොලිසිය සඳහන් කළේය.

 

ගිම්හාන නිවාඩුව හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් මේ දිනවල පාර්ලිමේන්තු ගොඩනැගිල්ල භාවිත නොකරන අතර බි‍්‍රතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ද විදෙස් ගත වී සිටින්නීය.

 

මේ ආකාරයේ සිදුවීම් කිහිපයක්ම පසුගිය වසරක කාලයේදී බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය. කලීඩ් මසූඩ් යනුවෙන් හැඳින්වූ පුද්ගලයකු වෙස්ට්මින්ස්ටර් පාලම අසලදී පදිකයන් දෙසට සිය මෝටර් රථය ධාවනය කරමින් සිව්දෙනෙක් මරණයට පත් කළහ.

 

ඔහු එල්ල කළ පිහි ප්‍රහාරයකින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත් වූ අතර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.

 

පසුගිය වසරේදී ත්‍රස්තවාදී හෝ ඊට සම්බන්ධ ක්‍රියාකාරකම් පහක් සිදු වූ බවත් ඉහත සිදුවීම ඉන් පළමුවැන්න බවත් බි‍්‍රතාන්‍යය පොලිසිය සඳහන් කළේය. 

 

බි‍්‍රතාන්‍යය එරට ආරක්ෂාව දැඩි කර තිබෙන අතර එරටට සටන්කාමීන්ගෙන් ප්‍රහාර එල්ල වීමේ වැඩි අවදානමක් තිබේ. 

 

මුස්ලිම් ජාතිකයකු හැරුණු පුද්ගලයකු පදිකයන් දෙසට ට්‍රක් රථයක් ධාවනය කරමින් සියයට වැඩි පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ බව පසුගිය සතියේදී අනාවරණය විය. 



අදහස් (0)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මුරකාවල් දෙසට මෝටර් රථයක් කඩාවදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site