බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මියගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඇය ජයග්‍රහණය කර තිබේ.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 200 ක් හා විපක්ෂව ඡන්ද 117 ක් ද ලැබී තිබිණි. මුළු ඡන්ද වලින් 63% ප්‍රතිශතයක් ඇයට ලැබිණි. මෙතැන් සිට වසරක් යනතුරු ඇයගේ නායකත්වය අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නොමැත.
බ්‍රිතාන්‍ය අගමැතිනීය ජයග්‍රහණයෙන් පසුව පැවසුවේ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය වෙන්වීමේ ‘බ්‍රික්සිට් ගිවිසුම’ බාරදීමට කටයුතු බවයි.
‘මාගේ සහෘදයන්ගේ සහයෝගය මට ලැබීම සතුටක්. ඒ වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. මට විරුද්ධව සෑහෙන පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ නිසා ඔවුන් කී දේවලටත් මා ඇහුම්කන් දෙනවා’ යැයි විශ්වාසභංගය ජයගැනීමමෙන් පසු තෙරේසා මේ මහත්මිය පැවසුවාය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දියවන්නාවෙ වගෙ මිරිස් කුඩු , පටු ප්‍රහාර දැලි පිහි ,ගුටි බැට නැතිව අැති නේ. අපේ වගේ ඩොලර් කාක්කො බැංකු දවල් හොර එහෙම එංගලන්තයේ නැද්ද දන්නෙ නැහැ. ජෙ.වි.පෙ වගේ සියල්ල දත් සර්ව සමිපූර්ණ අය එහෙම නැද්ද දන්නෙ නැහැ. කෙසේ වෙතත් ජය වෙිවා!!!!!!!!!!!!!!!