බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ඉන්දීය සංචාරය අවලංගු කර තිබේ. ඒ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතා වේගයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇති බැවිනි.
බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා යෑමට සැලැසුම් කර ඇත්තේ ලබන 25 වැනිදාය. 26 වැනිදා ඔහු නවදිල්ලියට පැමිණීමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සංචාරය ටික දිනක් ප‍්‍රමාද කරන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
2019 වසරේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු බොරිස් ජොන්සන් විදේශ සංචාරයක නියැලීමට සැලැසුම් කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්පූර්ණ වීමෙන් පසු සමා බි‍්‍රතාන්‍යය මේ වනවිට යුරෝපා සංගමයෙන් ඉවත් වී සිටී. යුරෝපා සංගමයෙන් ඉවත් වීනේ පසු බි‍්‍රතාන්‍යය සෙසු රටවල් සමඟ වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමට උත්සාහ දරයි. අග‍්‍රාමාත්‍ය ජොන්සන්, ඉන්දීය අග‍්‍රාමාක්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී නව වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට සූදානමින් සිටී.
ලන්ඩනයේදීය (රොයිටර්)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.