ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම වර්ඩක් පළාතේ පොලිස් ස්ථානයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පස්දෙනකු මියගොස් 15දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.


බෝම්බය කාර් රථයක අටවා තිබි ඇති අතර සාමාන්‍ය වැසියන් සහ පොලිස් නිලධාරීන් ගමන් කරමින් සිටි ස්ථානයකදී එය පුපුරුවාගෙන ඇතැයි පැවසේ.


සිද්ධියෙන් සාමාන්‍ය වැසියන් තිදෙනකු ද පොලිස් නිලධාරීන් දෙදෙනකු ද ඝාතනය වී ඇත. බලධාරීන් පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇති බවයි.


ප්‍රහාරයේ වගකීම කිසිවකු බරගෙන නොමැති වුවත් මෙවැනි ප්‍රහාරයන් සිදු කරන්නේ තලේබාන් කැරළිකරුවන් විසින් බව මාධ්‍ය වාර්තා කර ඇත.

(085)