ඔසාමා බින් ලාඩන්ගේ පවුලේ තිදෙනකු මිය ගිය ගුවන් යානා අනතුරේ ගුවන් නියමුවාට අනතුර සිදුවන අවස්ථාවේ මානසික රෝගී තත්ත්වයක් තිබෙන්නට ඇති බව පරික්ෂණයකින් හෙළි වි ඇතැයි වාර්තා වෙයි.

එංගලන්ත බ්ලැක්බුෂ් ගුවන්තොටුපළ අසලදී 2015 ජුලි මාසයේදී සිදු වු එම අනතුරින් බින් ලාඩන්ගේ මව රාජා බසීර් හසීම්,සහෝදරියක් වූ සනා මොහොමබ් බින් ලාඩන්,සහෝදරයක් වූ සුහයිර් හසීම් හා යානයේ රියදුරු මැසෙන් අල්-සලීම් මේ අනතුරින් මිය ගියහ.

සෞදියේ ලියාපදිංචි කරන ලද පෙනොම් 300 ජෙට් යානය අනතුරට පත්වීමට පෙර විනාඩි තුනක් පමණ ඇතුළත නියමුවාට හඬ පණිවුඩ 66ක් හා එලාම් පණිවුඩ යවා ඇති බවත් මේ හේතුවෙන් ඔහුට මානසික ආතතියක් ඇති වෙන්නට ඇතැයි වාර්තාවේ සඳහන් වෙයි.එනිසා අනතුර වළක්වාගැනීමට තිබු අවස්ථාවද ඇහිරී යන්නට ඇති බව බලධාරිහු මත පළකරති.

මෙම අනතුරෙන් පසුව සෑම පෙනොම් 300 ජෙට් යානාවකටම සහය නියමුවෙකු යොදවයි.

Untitled-1 Untitled-2

(ඡායාරූප-ටබ්මෑන් තෝමස්/ජියෝෆ් පියර්ස්)