IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


බෙදුම්වාදීන්ගේ ප‍්‍රහාරවලට බියෙන් දකුණු තායිලන්තයේ පාසල් වැසේ

බෙදුම්වාදී මුස්ලිම් සටන්කාමීන්ගෙන් ප‍්‍රහාර එල්ල වේවි යැයි බියක් හට ගැනීමත් සමඟ ප‍්‍රචණ්ඩත්වය රජයන දකුණු තායිලන්තයේ පාසල් සිය ගණනක් ඊයේ (27) සිට තාවකාලිකව වසා දැමීමට බලධාරීහු තීරණය කළහ. දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත්තේ පටානී පළාතේ පාසල් 321 කි. ඊට හේතු වූයේ කලාප අධ්‍යාපන නිලධාරියකු සටන්කාමීන් අතින් වෙඩි කා ඝාතනය වීමය. මේ වනවිට බෙදුම්වාදීන් එල්ල කළ ප‍්‍රහාරවලින් අධ්‍යාපන නිලධාරීන් සහ ගුරුවරුන් 150 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇත. පටානී පළාතේ ගුරු සංගම් තායිලන්ත රජයෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසටය. තායිලන්තයේ මැලේ මුස්ලිම් සුළුතර ජනයාගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට එරට රජය අපොහොසත් වීම මේ අර්බුදකාරී තත්ත්වයට හේතුවී තිබෙන බව වාර්තා වේ. හමුදා සාමාජිකයන්ගෙන් සිදුවන අකටයුතු මෙන්ම එම ජනතාවගේ වාර්ගික අනන්‍යතාව, භාෂාව සහ ආගමට නිසි තැනක් නොලැබීමද මීට හේතුවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 2004 වසරේ සිට පවතින බෙදුම්වාදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් මේ වනවිට දකුණු තායිලන්ත වැසියන් 5,300 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බව ද වාර්තා වේ.



අදහස් (0)

බෙදුම්වාදීන්ගේ ප‍්‍රහාරවලට බියෙන් දකුණු තායිලන්තයේ පාසල් වැසේ

මොහොමඩ් Wednesday, 28 November 2012 06:09 PM

මේකේ අදහස් දාලා තියෙන ගොඩාක් දෙනෙක් හරියට ප්‍රවෘත්තිය එක කියවලා නැහැ වාගේ. මේ ලිපියේ පැහැදිලිවම සදහන් වෙලා තියෙනවා මේ ගරිල්ලා කණ්ඩායම පහර දෙන්නට හේතුව. ලංකාවේ වුණත් සිවිල් වැසියාට පොලීසියෙන් හෝ රජයේ ආයතනයකින් හෝ අසාධාරණයක් වුණොත් ඔවුන් නීතිය අතට ගන්නේ නැද්ද? ලංකාවේ පොලීසියට කී සැරයක් නම් මේ වාගේ ගල් මුල් වලින් ගහලා ඇත්ද? එතකොට ඒ කට්ටියට මොකද කියන්නේ? යම් මිනිසෙකුට අසාධාරණයක් වෙනවා නම්,ඔහුගෙන් පළිගැනීමක් වෙනවා නම්, ඔහු අනිවාර්යෙන්ම මේ වාගේ වැඩ වලට පෙලඹෙනවා. නමුත් පාසල්වලට පහර දෙන එකනම් මම අනුමත කරන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Wednesday, 28 November 2012 06:15 PM

දැන් කාටද ලජ්ජා නැත්තේ (දී)

:       0       0

රත්නායක Wednesday, 28 November 2012 11:44 AM

මුලු ලෝකෙම පාලනය තලෙයිබාන්වරු අතට දුන්නා නම් හරි. (නි)

:       0       0

සුපුන් Wednesday, 28 November 2012 06:29 PM

මට මේවා ඇහෙනකොට තියෙන කේන්තිය (දී)

:       0       0

ජෝසප් Wednesday, 28 November 2012 07:16 PM

කෝ මානව හිමිකම් (දී)

:       0       0

සිල්වා Wednesday, 28 November 2012 07:46 PM

එතකොට මේවා

:       0       0

සදරුවන් Thursday, 29 November 2012 04:45 PM

කෝ මානව හිමි කම් කට්ටිය නිදිද (දී)

:       0       0

වරුණ Friday, 30 November 2012 01:10 AM

පාසල් ළමයි මොනවා කාරාන්නද (දී)

:       0       0

මධූ Wednesday, 28 November 2012 02:34 PM

ඇමරිකාවෙන් උදව්වක් ඉල්ලුවොත් නොසලකා හරින එකක් නැ (ස)

:       0       0

සම්පත් එස් අල්විස් Wednesday, 28 November 2012 03:23 PM

ත්‍රස්ථවාදය පරාජය කරන විදිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අහගන්න. (ත)

:       0       0

මෝරාලසිරි Thursday, 29 November 2012 12:57 PM

අනේ අපේ පුංචි ලංකාවෙ ඉන්න මේ වගේ මිනිස්සු මේ දවස්වල එක එක දේවල් කරන්නේ අර පිටරටවල ඉන්න අල්කයිඩාව ලංකාවට ගෙන්න ගන්නද? අපේ අය බටහිර එන්ජීඕවලට විකුණලා හමාරයි.. ඒකයි මේ වේග පොඩි පොඩි දේත් ලොකු වට පෙන්නලා ප්‍රශ්ණ ඇති කරන්න හදන්නෙ.. අපේ අහිංසක සිංහලයන් එයාලගේ කතා ටික අහගෙන පෙලපාලි යනවා.. ළගදිම ලංකාවෙ කෝලහාල ඇති වෙයි වගෙයි..! ඊට පස්සේ රට ඉන්න කොටින්ටත් හොදයි.. උතුරෙන් ඒ අය ගහයි ආයෙත්..!(නු)

:       0       0

හිල්ම් Wednesday, 28 November 2012 04:21 PM

මේවා මොකද පෙන්නේ නැද්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1177 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1178 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 434 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site