සිරුරෙන් පිටත බඩවැල් පිහිටා ඇති දැරියකට බඩවැල් බද්ධ කර යළි නිසි පරිදි සැකසීමේ සැත්කම් මාලාවක් කිරීමට සිදුව ඇතැයි බ්‍රිතාන්‍යයේ බර්මින්ග්හැම් ළදරු රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් කියති.
ජෝර්ජියා ඩයමන්ඩ් නමැති මේ දැරිය උපතලබන විටත් ඇගේ බඩවැල් පිහිටා තිබුණේ සිරුරින් පිටතය. ඇය ග්රැස්ට්රොචිසිස් නැමැති රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය.
දැනට මාස 23ක් වයසැති මේ දැරියට ආහාර ලබාදෙන්නේ බටයක ආධාරයෙනි. කෙසේ වුව ද ඇයට බඩවැල් බද්ධ කිරිමේ සැත්කමක් කළ යුතුබව වෛද්‍යවරුන්ගේ මතයයි. දැරයිගේ මව ලිසා ජේම්ස් පවසන්නේ මේ දරුවාට ආහාර ලබාදීමේ දී ඉතා දැඩි අසිරුතාවලට මුහුණ පෑමට සිදුව ඇති බවකි. සියළුම ආහාර බටයකින් ලබා දීම ඊට හේතුවී ඇත.
දැරිය කිසි දිනක ආහාර විකා ගිලීමට වාසනාව ලබා නැත. වෛද්‍යවරුන් පවසන්නේ දැරිය සම්පූර්ණයෙන් ම සාමාන්‍ය තත්ත්වයට ගැනීමේ සැත්කම් සිදුකිරීමට තවත් වසර දෙකක් පමණ බලා සිටිය යුතු බවයි.
උපතලැබූ මොහොතේ පටන් පළමු මාස 14ක කාලයක ළමා රෝහලේ නේවාසිකව සිටීමට ඇයට සිදුවූවාය. ඉතා අසීරු සැත්කම් හතකින් පසු පසුගිය නොවැම්බරයේ සිය පියා හා මව සිටින නිවසට යාමට ඇයට හැකියාව ලැබිණි.
බර්මින්ග්හැම් රෝහලේ දී ඉදිරි සැත්කම් කිරීමෙන් පසු තම දියණිය සම්පූර්ණ සුවය ලබනු ඇතැයි ඇගේ මව ජේම්ස් මහත්මිය විශ්වාසය තබා සිටියි.
වෛද්‍යවරු පවසන්නේ වසරකට බ්‍රිතාන්‍යයේ උපතලබන දරුවන් අතරින් 3000ක් පමණ මේ රෝගයට ගොදුරුවන බවයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.