බංග්ලාදේශයේ චිතගොං නගරයේ අලූත්වැඩියා කරමින් තිබූ ගුවන් පාලමක් ඊයේ(25) කඩා වැටීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය අයගෙන් වැඩි දෙනා ඉදිකිරීම් සේවකයන් බවත් පාලම කඩා වැටෙද්දී එහි සේවකයන් 50 දෙනකු පමණ සිටි බවත් වාර්තා වේ. සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ කටයුතු දිගටම සිදුවන බවත් වාර්තා වේ. කඩා වැටුණු ගුවන් පාලම අඩි සියයක දිගින් යුක්ත වන අතර පළල අඩි හයකි. පාලම කඩා වැටීමෙන් අනතුරුව එම ස්ථානයට රැස් වූ පුද්ගලයන් ඉදිකිරීම් සේවකයන්ට පහර දෙමින් කලහකාරී අන්දමින් හැසිරුණු අතර ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. බංග්ලාදේශ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පවතින අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකළ හොත් මූල්‍යමය ආධාර ලබා නොදීමට කටයුතු කරන බව ලෝක බැංකුව අනතුරු අඟවයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බංග්ලාදේශයේ ගුවන් පාලමක් කඩා වැටී 13 දෙනෙක් මියයති
අජිත් Monday, 26 November 2012 11:08 AM
පාලමේ වැඩ කරේ චීනේ අය වෙන්න ඇති (ස)