ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ප‍්‍රදේශ කිහිපයක පෙරේදා (20) කාර් බෝම්බ 12 ක් පුපුරා යෑමෙන්, 75 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 200 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බ පුපුරා ගියේ බැග්ඩෑඞ් නුවර කරාඩා, සෆ්රානියා යන ප‍්‍රදේශවල යැයි එරට ආරක්ෂක අංශ පවසයි.
කරාඩා සහ සෆ්රානියා ෂියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරන ප‍්‍රදේශය. බෝම්බ පුපුරුවා හරින්න ඇත්තේ අල් කයිඩාවට සම්බන්ධ, ෂියා මුස්ලිම් විරෝධී සුන්නි මුස්ලිම්වරුන් යැයි ඉරාක ආරක්ෂක අංශ සැක පළ කර ඇත.
බෝම්බ පුපුරා යෑම ආරම්භ වී ඇත්තේ, ෂාවා නමැති ඉස්ලාමීය සංවිධානයේ නායක බසීම් මොහොමද් වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනය වීමත් සමඟය. ෂාවා යනු අල් කයිඩා විරෝධී, ෂියා මුස්ලිම් ඉස්ලාමීය සංවිධානයකි. මීට අමතරව බැග්බෑඞ් නුවරට උතුරු දෙසින් පිහිටි මඬේන් නුවර ද ඊයේ (21) බෝම්බ පිපිරීමක් සිදුවිය. එම පිපිරීමෙන් කාන්තාවක ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එයින් තුවාල ලැබූ ගණන 25 කි.
ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය එක්ව ආරම්භ කළ ඉරාක සංග‍්‍රාමය අවසන් කර ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර ගැටුම් උත්සන්න විය. ගැටුම් මර්දනය කිරීමට ඉරාක රජය අපොහොසත් වී ඇත.
ඉරාක අගමැති නූර් අල් මලිකි චෝදනා කරන්නේ රජයට විරෝධය දක්වන සුන්නි සටන්කාමීන්, ඉරාකය අස්ථාවර කිරීමට කටයුතු කරන බවය.
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව, ගත වුණු තෙමස ඇතුළත දී ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 2,500 ක් දෙනා ජීවිතක්ෂයට පත් ව ඇතැයි පැවැසෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.