තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රාගේ රජයට එරෙහි විරෝධතා රැලි පවත්වමින්, එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට කලහ කළ විරෝධතාකරුවන් 500 කට වැඩි පිරිසක් පෙරේදා (24) පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් අතර ඔවුන්ගෙන් 100 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. උද්ඝෝෂණ පැවැත්වීමට හෝ රජයට එරෙහිව පෙළපාළි යෑමට හෝ තායිලන්ත නීතිය යටතේ නීතිවිරෝධී කි‍්‍රයාවක් වන අතර එසේ කරන විරෝධතාකරුවන් හෝ උද්ඝෝෂකයන් මර්දනය කිරීමට පොලිසියටත් හමුදාවටත් බලය හිමි වී තිබේ. පෙරේදා පැවැති විරෝධතා සංවිධානය කර තිබුණේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් වන ‘කහ කමිස’ විරෝධතාකරුවන්ය. තායිලන්තයේ වත්මන් අගමැතිනිය ‘රතු කමිස’ කරුවන් නියෝජනය කරන තක්සින් ශිනවාත‍්‍රාගේ නැගණියයි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ කහ කමිස ආධාරකරුවන් පවසන්නේ යිංග්ලක් ෂිනවාත‍්‍රා රටේ අගමැතිනිය වුවත් රට පාලනය කරන්නේ හිටපු අගමැතිවරයකු වන තක්සින් ශිනවාත‍්‍රා කියාය. හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු තක්සින් තායිලන්තයෙන් පිටුවහල් කර විදේශවල ජීවත් වෙයි. පොලිසියෙන් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප‍්‍රහාරයක්