කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඇතිව හෝ නැතිව ඔබාමා පරිපාලනය, හමුදාව යොදවා සිරියාවට පහර දුන්නොත්, ඒ ගැන ඔවුන්ට පසුතැවෙන්න සිදුවනු නොඅනුමාන යැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ඊයේ (10) යළිත් වරක් අනතුරු ඇඟවීමක් කළේය.
සිරියාවට එරෙහිව ඇමෙරිකන් රජය හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නේ නම්, පැය කිහිපයක් ඇතුළත පහර දී සිරියා ගුවන් හමුදාව අඩපණ කිරීමට තමන්ට හැකි බව ඇමෙරිකා රජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධාන හමුදාපති ජනරාල් මාටින් ඩැම්ප්සි පවසා තිබේ.
ඇමෙරිකාව එසේ පහරදීමක් කළොත්, මේවනවිට සිරියාවේ සිදුවන සිවිල් ජීවිත අහිමිවීම්වලට වඩා වැඩි ජීවිත හානියක් සිදුවනු ඇති බවත්, මැදපෙරදිග තවත් අර්බුදයක් ද නිර්මාණය වනු ඇති බවත් ජගත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
සිරියාව අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින නිසා එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑමට ඉඩ ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති. සිරියාවට පහර දුන්නොත්, තමන් සිරියා රජයට සහාය දෙන බව රුසියාව ප‍්‍රසිද්ධියේ අනතුරු අඟවා ඇත.
සිරියානු අර්බුදය වසර දෙකක් තිස්සේ දිග්ගැස්සී ඇත්තේ, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සිරියාවේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට සහ විපක්ෂ දේශපාල කණ්ඩායම්වලට සහාය දෙද්දී, ඉරානය, රුසියාව සහ චීනය සිරියා ජනපති අසාද්ට සහ ඔහුගේ රජයට සහාය දීම නිසාය.
COMMENTS
මොනවා හරි කරලා ඇමරිකාවට සහ යුරෝපයට ඊශ්‍රායලට ඕනේ සිරියාවට ගසා එම රජය නැති කර දෙවනුව ඉරානයට පහර ගැසීම. මේක හොඳට දුර දිග බලා කරපු ප්ලැන් එකක් . අද ලෝකයේ බටහිරට ගැති නොවන ඕනෙම රටකට දඬුවම් කිරීමට යුරෝපය ඇමරිකාව පසුබට නොවේ. මොකද ඔවුන්ගේ ආර්ථිකය චීනය සහ රුසියාව බ්‍රසීලය ඉන්දියාව සහ වෙනත් රටවල් ලබා ගනිමින් සිටින නිසා. එනිසා කිසියම් රටක් චීනයට හෝ රුසියාවට ගැති නම් වෙළඳ කටයුතු කලේ නම් , බටහිරට එය ලොකු හිසරදයකි. එනිසා එම රටවල් කොහොම හරි අස්ථාවර කිරීමට මෙම බටහිර රටවල් සමග ඇමරිකාව පෙළ ගැසී සිටිති . අද ඊශ්‍රායලය ගාසා තිරයේ කොපමණ මිනිසුන් සහ ළමයින් මැරුවත් ඇමරිකාව සග බටහිර ලෝකය කට නොසල්වති . මොකද ඇමරිකාවේ සහ බටහිර රටවල ආර්ථිකය බොහෝ විට අයිති යුදෙව්වන්ට. එම රටවල බොහෝ විට නායකයා වන්නේත් මැති ඇමති වෙනි සහ රජයේ ලොකු පුටු වල සිටින්නේත් ඔවුන් නිසා. ඔවුන් ආරක්ෂා කිරීම මෙම රටවල අයිතියක්. සිරියාව සහ ඉරානය අද ඉස්රායලයේ සතුරු රටක් කෙලින්ම් . අනික් මුස්ලිම් ලෝකය සතුරු උවත් එය එළිපිට පවසන්නේ නැත. ඔවුන් කරන්නේ ඉස්රයලය වැනසීමට මුදල් සහ ආයුධ සැපයිම පමණය . මෙම සිද්දිය මත මුස්ලිම් ලෝකයද දෙකට බෙදී සමහරු බටහිර ගැත්තන් වෙලා . සමහරු රුසියාව සහ චීනය සමග. අද බටහිර ලෝකයට අවශ්‍ය ඉස්රයෙල් වලට අනතුරු වන රටවල් විනාශ කිරීමය . එහි එක කොටසකි සිරියන් ප්‍රශ්නය. සිරියන් රජයට එරෙහිව කැරලි ගැසුවෙත් ආයුධ දෙන්නෙත් බටහිර රටවල් සමග ඇමරිකාව. එහෙත් ඔවුන්ගේ අරමුණ තවම ඉටු නොවූ නිසා කෙලිම්ම පහර ගසා ඉවරයක් කරන්න දැන් උවමනාය. අපි ලාංකිකයන් හෙටියට මේ දෙපැත්තටම කඩේ නොගොසින් අපේ රටේ මෙවැනි අස්ථාවර තත්වයක් උදා නොවන්ට වග බලා ගම්මු .(නදී)
අල් අසාද් විස රසායන අවිවලින් සන්නද්ද කෙනෙකි.මොහුගේ පාලනය යටතේ සිටින නොදරුවන් සහ වැඩිහිටි ජනතාවට රසායනික අවි ප්‍රහාර එල්ල කළාසේම ඇමෙරිකානුවන්ට විස රසායන අවියේ රස බලන්න දෙන්න මු පසුබටවෙන්නේ නැත (අ)
මේවා හරිද මන්දා.(නදී)
ලිබියාව, ඉරාකය, පුරසාරම් දෙඩුවා. අපි බලාගෙන සිටියා ඇමරිකාව කනකම්. දැන් සිරියාව චන්ඩිය වෙලා. මෙතැනදී හරි ඇමරිකාව කනවනම්. (නදී)
එදිරිසිංහ ඔය කතාවම ඉරාකයේ හිටපු නායකයා නැති කරන්න මුළු බටහිර ලෝකයත් ඇමරිකාවත් ඔවුන්ගේ ගැත්තනුත් කිව්වා. නමුත් මේ රසායනික ප්‍රහාර අල් අසාද් ප්‍රහාර කලා කියලා ජාත්‍යන්තරය තවම ඔප්පු කලේ නැහැ . මෙය පවසන්නේ සිරියාවට විරුද්ධ කොටස පමණි . එදිරිසිංහ ලොකු එදිරියකින් වගේ අල් අසාද් සමග . රසායනික සිරින්ඩර් එංගලන්තය සිරියාවට දුන්න කියනවා. ඉරානය කියනවා බොහොම කලකට ඉහත සෞදි රාජ්‍ය මේවා සිරියන් රජයට විරුද්ධව පාවිච්චි කරන්න දීල කියල . එමගින් සිරියාව එය මත දමා ඔහුගේ බලය නැති කිරීමට . හොඳම දේ අප පසකටවී බලා ඉම්මු . දෙපැත්තටම කඩේ නොගොසින් . අනාගතය සත්‍ය ඔප්පු කරාවී . කලින් සිදුවාසේ . අපට ඕවාට මැදිහත් වීමට ශක්තියක් නොමැත . මොකද අපේ ප්‍රශ්ණ තවම අප විසඳා ගෙන නිම කර නැති නිසා . ඔබට මෙත් සුව පතමි . ඔබ සමග කිසි එදිරියක් නොමැත එදිරිසිංහ මහතෝ .(නදී)
අසාද් චන්ඩිය වෙලා. රුසියාව චීනය දෙපැත්තේ තියාගෙන. (නදී)
මිනිස්සු කරන අපරාධ වල හැටියට ලෝක යුද්ධයක් වෙලා හරි මිනිස්සු ලෝකෙන් තුරන් වෙන්න ඕන. එතකොට සාමකාමී මිනිස්සු වෙනුවෙන් ආයෙත් අලුත් ලෝකයක් ගොඩ නැගේවි. (ස)
එදිරිසිංහ යමක් ලියලා තිබෙන නිසා ඔබට අකුරු කියවන්නට පුළුවන් බව හිතෙනවා. කඩේ යන ගමන් මර්සි ලංකා,සේරම් පැරිස් කියලා තිබෙන දෙයත් කියවලා බලන්න.ලබන ආත්මෙවත් ඔබට බුද්ධිය පහළවේවා! (නි)
වැඩිය දුර ගෙනියන්න එපා! ලෝක යුද්දයකට මාන බලනවා වගේ සියලුදෙනාටම කරදරයක් වෙනවා.(නදී)
සේරම් මහතාගේ අදහස් සමග යම් තරමකට එකග වුවත් සිරියා ප්‍රශ්නය ගැන යම්කිසි අදහසක් මතුවන්නේ එදිරිවාදිකම මත නොවනබව වටහාගන්න (නි)
සත්‍යපාල හොද බුද්ධිමත් කෙනෙක් බව තේරුම් ගැනීමට අපහසු නැත (නි)
මෙයාලා බොරුව කරන්නෙ කවුරුවත් ගහ ගන්නෙනෑ. (ස)