ලොව විශාලතම සාගරය වන, පැසිෆික් සාගරය සහ ඒ අවට කලාපයේ පාවෙමින් පවතින විශාල කැලි කසළ තොගය ඉවත්කර, පිරිසිදු කිරීම සඳහා නෙදර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් උපාංගයක් නිර්මාණය කර ඇත.
මෙම උපාංගයෙන් ප්‍රංශය මෙන් තුන්ගුණයක් පමණ වන ප්ලාස්ටික් තොගයක් පළමුවරට එක් රැස් කරගෙන ඇතැයි සාගර පිරිසිදුකරණ ව්‍යාපෘතියේ නිර්මාතෘ වන බෝයන් ස්ලැත් මහතා පැවසුවේය.
මීටර් 200ක පමණ දිග, මෙම උපාංගයෙන් අඩි 10ක් පමණ පමණ ගැඹුරු මුහුද දැකිය හැකි බවද පැවසේ.
සාමාන්‍යයෙන් සෑම වසරකදීම මෙට්‍රික් ටොන් 600,000 – 80,000ත් අතර ප්‍රමාණයක කසළ මුහුදට අතහැරෙන අතර ඒවා එක්රැස් කිරීමේ ව්‍යාපෘතියක් හෝ ක්‍රමවේදයක් පිළිබඳව පර්යේෂණ කරමින් පැවතිණි.
මෙම උපාංගයෙන් ලබාගත හැකි වැඩ ප්‍රමාණය තීව්‍ර කර දියුණු කළහොත් පැසිෆික් සාගරයේ පාවෙන විශාල කසළ තොගයෙන් අර්ධයක් හෝ ඉවත්කළ හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
(ද ගාඩියන් ඇසුරිනි)
16844




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ව්‍යාපෘතියට ජයෙන් ජයම වේවා..!!! නොමිනිසුන් විසින් විනාශ කරන මුහුද මෙවැනි උතුම් මිනිසුන්ගේ ව්‍යායාමයෙන් පිරිසිදු කරගැනීමට භාග්‍යය ලැබේවා...