තමන්  මත්ද්‍රව්‍ය සැකකරුවන් තිදෙනකු මරා දැමූ බවට පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන බව එරට ස්වාධීන මානව හිමිකම් කොමිසම් පවසයි.

ඩවෝ හී නගරාධිපතිව සිටින කාලයේ තමන් මත්ද්‍රව්‍ය සැකකරුවන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කළ බව දින කිහිපයකට පෙර ඩුටර්ටේ ප්‍රකාශ කළේය.එය සත්‍යයක් බව සනාථ කරමින් ඔහු බීබීසියට ප්‍රකාශයක්ද නිකුත් කළේය.

ඔහු ජනාධිපති ධුරයට පත්වු දින සිට මත්ද්‍රව්‍ය සැකකරුවන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.ඔහු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට දැනුම් දී ඇත්තේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට වෙඩි තබන ලෙසයි. මේ වන විට 6000ක් පමණ ඝාතනය කර ඇතැයි බලධාරීහු කියති.

ඔහු ඩවෝ හී නගරාධිපති ලෙස වසර විස්සක් කටයුතු කර ඇති අතර එහිදී ඔහු අපරාධ වලට එරෙහිව සටන් කළ අයෙකු ලෙස ප්‍රසිද්ධ විය.