පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටාටේ “මනෝචිකිත්සක ඇගයීමක්” අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් කුමරු අද (9) පැවැසීය.
නියෝජිතයකුට පහර දෙන බවට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ඒ බව කීය.
මානව හිමිකම් නිරීක්ෂකයන් සම්බන්ධයෙන් පිළිගත නොහැකි ආකාරයේ අදහස් දැක්වීම් කිහිපයක්ම පිලිපීන ජනාධිපතිවරයා සිදු කර ඇතැයි ද මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී ඔහු මනෝචිකිත්සක ප්‍රතිකාර ගත යුතු යැයි ද සෙයිද් රාද් අල් හුසේන් කුමරු පැවැසීය.
පිලිපීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් එකක් වන අතර පිලිපීනයේ සිදුවන ඇතැම් සිදුවීම් හා පහරදීම්, ප්‍රහාර යනාදිය සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි යැයි ද සෙයිද් රාද් අල් හුසේන් කුමරු කීය.
ස්වදේශීය ජනකොටස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වික්ටෝරියා ටවුලි කෝපර්ස්ට එරෙහිව ඩුටාටේ ආණ්ඩුව පසුගිය මාසයේදී පෙත්සමක් ද ඉදිරිපත් කළේය. වික්ටෝරියා ටවුලිට එල්ල කළ චෝදනා ඇය ප්‍රතික්ෂේප කළ බව සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඩුටාටේ ජනාධිපතිවරයා ඇය ඇතුළු 600කට ආසන්න පිරිසකගේ ජීවිත අනතුරේ දැමුවේ යැයි ද චෝදනා කළේය.
මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ විශේෂඥ ඇග්නස් කැලමාර්ඞ්ට පිලිපීන ජනාධිපතිවරයා නිරන්තරයෙන් චෝදනා කළේය. මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් යැයි පවසමින් පිලිපීන ජනාධිපතිවරයාගේ අණ යටතේ එරට පොලිසිය දහස් ගණනක් ඝාතනය කර ඇතැයි ඇග්නස් කැලමාර්ඞ් පිලිපීන ජනාධිපතිවරයාට චෝදනා එල්ල කර තිබෙන අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරන පිලිපීන ජනාධිපතිවරයාට ඇයට පෙරළා චෝදනා කරන්නේය.
මේ අයුරින් පිලිපීන ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණ නිලධාරීන්, විනිශ්චයකරුවන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්, මානව හිමිකම් නිරීක්ෂකයන් ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයන් රැසකට අපහාස, උපහාස, විහිළු තහළු මෙන්ම තර්ජන ද කර ඇතැයි ජෝර්දානයේ සෙයිද් රාද් අල් හුසේන් කුමරු අද (9) ප්‍රකාශ කළේය.
“රටක ජනාධිපතිවරයකු මේ ආකාරයෙන් හැසිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඔහු අදහස් දක්වන ආකාරය අවිනීතයි. ලැජ්ජාසහගතයි. ලොව ගෞරවයට පත් ජාත්‍යන්තර නිලධාරීන්ට මේ අයුරින් අශික්ෂිත වචන භාවිත කරමින් අදහස් දැක්වීම නින්දිතයි. ඔහුගේ මේ වචනවලින් පෙනී යන්නේ ඔහු මනෝචිකිත්සකයකුට පෙන්විය යුතු බව යැයි”
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි සල්ලි වලින් යැපෙන, කොටින්ගේ සල්ලිවලට බුරන, පක්ෂග්‍රාහීව කොටි වෙනුවෙන් දඟල දඟලා ලංකාවේ විනීත හමුදාවට මඩ ගහන නියෝජිතයෝ හැසිරෙන ආකාරය ගැන පේන්නේ නැද්ද?
පිලිපීනේ ජනාධිපතිට විතරයි ලෝකෙන්ම හොඳම බය නැති පිට කොන්ද තිබෙන නායකයා..
ජනාධිපතිවරයා මෙහෙම හැසිරුණාට රටේ කන්න නැතිව දුක් විදිනා ළමයින් සිටිනවා. විදෙස් ජනමාධ්‍ය විචාරයේදී ඔවුන්ගේ දුක්බර ඡායාරූප රැසක් මා දැක තිබෙනවා. මගේ පිලිපීන මිතුරෙකුගේ ඉල්ලීමකට මගේ විදෙස් මිතුරියක් තම පෞද්ගලික ධනය යොදවා එම දරුවන්ට කෑම ලබාදෙන ව්‍යාපෘතියක් අරඹා තිබෙනවා.
කොන්ද පනතියෙන නායකයකි. ප්‍රශ්න විසදෙඊ.
ඔක්කොටම කලින් අල්හුසෙන්ව දොස්තරට පෙන්වයි.
මටනම් හිතෙන්නේ , සේඉද්ඩ් අල් හුස්සින් හේ මොලේ පරීක්ෂණ කරලා බලන්න ඕනේ , මොලයක් තියෙනවද කියල. එහෙම නැත්නම් මොලේ තියෙන කෙනෙක් චන්දයක් පත් උණු නායකයෙකුට මෙහෙම කියනවද . ඒ රටේ ප්‍රශ්න , ඒ රටේ මිනිස්සු විසදා ගනීවි. මෙයා හරියට ලෝකෙට ලොක්ක වගේනේ කතාව. කිසි ලැජ්ජාවක් නැති පක්ෂග්‍රාහී මිනිස්සු . තනතුරත් එක්කම කනවා.
මානසික රෝගීන්ට අන් හැමෝම පෙන්නේ මානසික රෝගීන්ට හැටියට
එම ප්‍රකාශය කුමරුන් විසින් නොකළා නම් තමයි වඩා හොඳ. එය වෙනමම ආකාරයක එකක්. කෙසේ වෙතත් සමහර රාජ්‍ය නායකයින් කලබල වී තවත් ප්‍රශ්න වැඩිකර ගන්නවා. ඔවුන්ට බැණ වදින්නේ නැතිව අවශ්‍ය වෙනත් අවස්ථාවකදී තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කළානම් මේ කිසිවක් වෙන්නේ නැත. යම් නායකයෙකු නිවැරදිව තම රට පාලනය කරන්නේ නම් විදේශීය බලවේගවලට රටක ප්‍රශ්නයන්ට අත පෙවීමට අසීරු වෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිදානයේ නායකයෙකුට වටිනා කතාවක් නෙවේ මෙය කරලා තියෙන්නේ.