IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


පිලිපීන උප ජනපති පොලිසියට බැණලා

පිලිපීන උප ජනපති ජෙජෝමාර් බිනෙයි පොලිසියට බැණ වැදුණු බවටත් පොලිස් නිලධාරීන්ට අපහාස කළ බවටත් මැනිලා පොලිසිය අද (01)   චෝදනා කළේය.

මෙම අර්බුදය ඇති වී ඇත්තේ විශේෂ නීති උපදේශකයකුගේ උපදෙස් මත පොලිසිය මකාටි දිස්ත්‍රික්කයේ නගරාධිපතිවරයා වන උප ජනපතිවරයාගේ පුත්‍රයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟය.

ඔහු තනතුරෙන් ඉවත් කරන උපදෙස් ලැබුණේ උප ජනපතිවරයා හා ඔහුගේ පුත්‍රයා එක්ව කළ අක්‍රමිකතාවකට චෝදනා ලැබීම හේතුවෙනි.

zzමම හිතුවේ මම ඉන්නේ පොලිසියට සහාය දක්වපු උප ජනපතිවරයා සමඟ කියා. ඒත් එහෙම වුණේ නැහැ. මම පොලිස් නිලධාරියෙක් වූ නිසා ඔහුගේ සමච්චලයට ලක්වුණාZZ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන එල්මර් ජමියාස් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේය.

zzමම ඔහුට ආචාර කළා. එහෙත් ඔහු ලැබිය යුතු නිසි ප්‍රතිචාරය දැක්වූයේ නැහැ. ඔහු මගේ නාම ලාංඡනය දිහා බලා  ඔහු ආවේ මා නගරයෙන් පන්නා දමන්න යැයි කිව්වා.‘ යි පොලිස් අධිකාරී කීවේය.

උප ජනපතිවරයාට හා ඔහුගේ ආරක්ෂකයන්ට එරෙහිව ඉදිරිපත් කළ හැකි අපරාධ චෝදනා සම්බන්ධයෙන් අධ්‍යයන කරන බව පිලිපීන පොලිසියේ ප්‍රධානිහු සඳහන් කළහ.

එල්ල වන සියලූ චෝදනා 73 වන වියෙහි පසුවන උප ජනපති ජෙජෝමාර් බිනෙයි ප්‍රතික්ෂේප කළේය. එළැඹෙන වසරේ පැවැත්වෙන ජනපතිවරණයට ද උප ජනපතිවරයා තරග කිරීමට නියමිත බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන එල්මර් ජමියාස්ට පමණක් පොලිසියේ තවත නිලධාරීන් කිහිපදෙනකුට ද උප ජනපතිවරයාත් ඔහුගේ ආරක්ෂකයනුත් හිරිහැර කර ඇතැයි වාර්තා වේ.

උපජනපතිවරයාගේ ආධාරකරුවන් කැරැලි මර්දන පොලිසියට ප්ලාස්ටික් පුටුවලින් පහරදෙන වීඩියෝ පට පෙළක් ද විකාශය කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උප ජනපතිවරයාත් ඔහුගේ පුතුත් එක්ව කරන ලද දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙයි.  

මැනිලාහිදීය (ඒ.එෆ්.පී)



අදහස් (0)

පිලිපීන උප ජනපති පොලිසියට බැණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 876 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site