පිලිපිනයේ දකුණු දිග කොටබැටෝ පළාතේ ඇතිවූ රිච්ටර් මාපාංක 6.6ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් 7 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි වාර්තා වේ.
භූ කම්පනයේ කේන්ද්‍රය මැනිලා නගරයට කිලෝමීටර් 972ක් දුරින් පිහිටි ටුලුනන් නගරයට ඊසාන දිගින් පිහිටා තිබූ බවත් සුනාමි අවදානමක් ඇති නොවූ බවත් පිලිපීනයේ භූ කම්පන ආයතනය පවසයි.
නිවාස හා ගොඩනැගිලි කඩාවැටීම් වාර්තා වී ඇති බවත් බොහෝ අලාභ හානි සිදුවී ඇති බවත් සඳහන් වේ.
ටුලුනන් නගරයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් සිසුන් බොහෝ දෙනෙකුට තුවාල සිදුවී ඇත.
මෙම ප්‍රදේශයේම පසුගිය 16 වැනි දා ඇතිවූ භූ කම්පනයක් හේතුවෙන් 7 දෙනෙකු මියගොස් 215 දෙනෙකු තුවාල ලැබූහ.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd