පිලිපීනයේ දෙවන විශාලතම දිවයින වන මින්දනාඕ දිවයිනට රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් බලපා ඇතැයි වාර්තා වේ.
පිලිපීන වැසියන් මාර්ග හරහා දිවයමින්, රෝගීන් රෝහල්වලින් ඉවත්වෙමින්, පාරිභෝගිකයන් සාප්පු සංකීර්ණවලින් ඉවතට යමින් කලබලකාරී ලෙස හැසිරී ඇතැයිද, ඔවුන් කම්පනයට පත්ව සිටි බවද පැවසේ.
මෙම භූ කම්පනය කිලෝමීටර් 40ක පමණ දුරක් දක්වා භූමි ප්‍රදේශයකට බලපා ඇති අතර බරපතල හානි කිසිවක් වාර්තා වී නොමැත.
භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් මතුවූයේ නැතත්, විශාල හානි සිදුවිය හැකි ආකාරයේ ප්‍රබල පසු කම්පනද ඇති විය හැකි බවට බලධාරීහු අනතුරු අඟවති.
සිද්ධියට මුහුණදුන් අයෙකු පැවසුවේ එය ඉතා ඉක්මන් මෙන්ම ප්‍රබල භූ කම්පයනක් වූ බවයි.
1990දී රික්ටර් මාපක 7.7ක පමණ භූ කම්පනයක් පිලිපීනයට බලපා තිබූ අතර 2,000ක පමණ පිරිසක් මිය ගියහ.
(ඩේලි මේල් ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd