අතීතයේ ද්වන්ධ සටන්වලදී භාවිතයට ගත් ලෝහමය නිය සහිත බළලකුගේ අත් වලට සමාන මැටි අත් දෙකක් හමුවී ඇතැයි පේරු රාජ්‍යෙය් පුරාවිද්‍යාඥයෝ පවසති. මෙය සොයාගෙන ඇත්තේ පේරු රාජ්‍යයේ උතුරේ ටර්ජිලෝ ආසන්නයේ පිහිටි හුආනා ඩි ලා ලුනා ඩින් නමැති පැරණි පිරමීඩයකිනි.
අතක හැඩයට තනා ඇති මේ මැටි පුවරු දෙකෙහි තියුණු ලෝහමය නියපොතු සවිකැර තිබේ. අදින් වසර 1500ට වඩා පැරණි මේ මැටි අත් පුවරු ඇතැම් විට ක්‍රිස්තු පූර්ව 800 දක්වා ඈත අතීතයකට අයිති විය හැකියැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.
පැරණි ඉන්කා ශිෂ්ඨාචාරයේ දී ශක්තිමත් පුද්ගලයන් අතර පැවති ද්වන්ධ සටන් වලදී සත්ත්ව හමෙන් නිර්මාණය කරන ලද සම්පූර්ණ යුද ඇඳුමකට මෙය සවිකැර තිබෙන්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ මතයයි. ද්වන්ධ සටනක දී පරාජය ලබන්නා මරා දැමීමට මෙය භාවිතා කරන්නට ඇති බවත් එය ඉතා භයානක අවියක් බවත් පවසන පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානී පුරාවිද්‍යාඥ සැන්ටියාගෝ උකේඩා පවසන්නේ බිලි පූජා සඳහා ද මෙවැනි අවි යොදා ගන්නට ඇති බවයි.
පිරමීඩයේ අභ්‍යන්තරයේ පැවති කුටියක තිබී සෙංකෝලයක් වැනි කොටසක් ද යුද ඇඳුම් සඳහා භාවිතාකරන කන් ආවරණ සහ මුහුණු ආවරණ ද සොයාගෙන තිබේ. මෙම අවිය නිශ්චිතව කාල නිර්ණය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇති අතර ඒ සඳහා මාස හයක පමණ කාලයක් ගතවනු ඇතැයි ද පර්යේෂකයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොර පිටියේ මරු කැඳවූ බළල් අත