IMG-LOGO

පැරිස් නුවර පොලිස් නිලධාරියාටයි බිරියටයි පිහි පහර

ප්‍රංශයේ පැරිස් නුවර දී පොලිස් නිලධරයකු හා ඔහුගේ බිරිය ඔවුන්ගේ නිවසේ දී පිහියෙන් ඇන මරා දමා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

අයිඑස් සංවිධානයේ අනුගාමිකයකු එම ඝාතනය කර ඇතැයි ප්‍රංශයේ නවතම වාර්තා සඳහන් කරයි.

ලාරොසි අබ්බෙල්ලා (25) නමැති අයිඑස් අනුගාමිකයා පොලිස් නිලධාරියාගේ නිවසට කඩා පැන ඔවුන්ගේ දරුවා ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි කියති.

පොලිස් නිලධරයා හා බිරිය ඝාතනයෙන් පසු අබ්බෙල්ලා ෆේස්බුක් සටහනක් තබමින් කියා ඇත්තේ පිරිමි දරුවා සමග තමා කුමක් කරන්නට යන්නේදැයි නොදන්නා බවයි.

පොලිිසියේ ප්‍රතිප්‍රහාරවලින් අබ්බෙල්ලා මියගොස් ඇත.

අබ්බෙල්ලා සමග සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ප්‍රංශ පොලිසිය කියයි.



අදහස් (0)

පැරිස් නුවර පොලිස් නිලධාරියාටයි බිරියටයි පිහි පහර

ඉෂාද් Wednesday, 15 June 2016 08:06 AM

මිනිසුන් මේතරම් කුරිරු ඇයි? (නි)

:       0       0

හේමන්ත Wednesday, 15 June 2016 08:25 AM

මිනිසුන් කුරිරු කොට ඇත්තේ ඇතැම් අන්තවාදී ආගම්ය. ඔවුන් වැරදි කරන විට වගකිව යුතු ආගමික නායකයෝ නිශ්ශබ්දව සිට ඒවා අනුමත කරති. අද ඇතැම් රටවල් වල පවතින යුද්ධ දෙවියන්ගේ නාමයට කරන ඒවාය, එහෙත් එම ආගම් වල නායකයින් ඔවුන්ගේ ත්‍රස්තවාදී කල්ලි වල මෝඩයින් ට උපදෙස් දෙන්නේ නැත, මිනිස්සු මරණ එක දෙවියන් අනුමත නොකරන්නේ යයි කියා දෙන්නේ ද නැත, ඔවුන්ගේ මුනිවත මෙයට මහත් රුකුලක් සපයයි (බ)

:       0       0

ආනන්ද Wednesday, 15 June 2016 11:14 PM

ප්‍රංශය පමණක් නොව ලෝකයේ රටවල් ගණනාවක්ම අපේ අහිංසක ශ්‍රී ලංකාවට හිරිහැර කරයි. විශ්වයත් සොබාදහමත් ඒ සැමටම දඬුවම් කරයි. සිංහල අපි සියල්ලෝම එක්වී අපේ රට රකිමු. (නි)

:       0       0

අසෝක Sunday, 19 June 2016 11:28 AM

පොඩි රටවල ත්‍රස්තවාදය අවුස්සමින් එම ත්‍රස්තවාදීන්ට සියලුපහසුකම් සපයා දෙමින් සිටි ඔවුන්ට, දැන් ඔවුන්ටත් ඒ දෙයම වෙනවිට මෙලෙස සුසුම් ලන්නට සිදුවීම පුදුමයක් නොවේ. ඒ වගා කල දේ අස්වැන්න දැන් ඔවුන් නෙලමින් සිටියි. (ර)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 14 June 2016 11:33 PM

නැපෝලියන් අධිරාජ්‍යයාගේ කාලයේ බලවත්ව සිටි ප්‍රංශය පළමු ලෝක යුද්ධයේ සිටම මහත් පරාජයන් රැසකට මුහුණ දුන්නා. ප්‍රංශය යනු යුරෝපයේ නැතිවී යන රටකි. එයට වගකිවයුත්තේද ඔවුන්මය. (නි)

:       0       0

ඉසුරු Thursday, 16 June 2016 02:34 AM

අපරාදේ වටිනා ජීවිත අකාලයේ නැතිවෙනවා (නි)

:       0       0

තිලක් Wednesday, 15 June 2016 10:09 AM

අද මේ මිනිස්සු මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ඇයි? මොවුන් තමයි අනිත් රටවලටත් ත්‍රස්තවාදය බෝකෙරුවේ. (නි)

:       0       0

මහේෂ් Wednesday, 15 June 2016 03:35 AM

හරියටම හරි. ප්‍රංශය නයි ගෙනත් දැන් කනවෝ කනවෝ කියල කෑ ගහනවා. ජර්මනිය එංගලන්තය රටවලත් මේ දේ ළඟදීම වෙනවා (බ)

:       0       0

නිශාන්ත Thursday, 16 June 2016 11:25 AM

අහිංසක පවුලක් ඉවරයි.(හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 16 June 2016 04:51 AM

අපේ රටේ තියෙන සාමය සතුට හා නිදහස කොයිතරම් නම් අගනේද? දැන් පේනවා නේද මේ බලවත් රටවලට වෙන නස්පැත්තියක තරම! (නි)

:       0       0

සිසිර Friday, 17 June 2016 05:16 PM

මිනිසුන්, දරුණු වෙලා. අපරාධ වැඩි වෙලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 440 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site