ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව පුරා සිටින ඇමරිකානු ජනතාවට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත. පසුගිය මාසය තුළ ලෝකය පුරා ත්‍රස්තවාදි ක්‍රියා උත්සන්න වීම මෙයට හේතුවයි. අයි.එස්.අයි.එස්., අලිකයිඩා හා බෝකොහරාම් ඇතුළු අනෙකුත් ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ලෝකයේ බොහෝ රටවල දිගින් දිගටම සිදුවීම මෙලෙස අනතුරු ඇඟවීමට හේතු වන්නට ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.
අද සිට 2016 පෙබරවාරි 24 දක්වා මාස තුනක කාලයක් මේ නිවේදනය වලංගුවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත්තේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී හා පොදු ස්ථානවල ගැවසීමේ දී පරීක්ෂාකාරී වීම ඉතා වැදගත් වන බවයි. මහජනයාගෙන් පිරුණු ස්ථාන මග හැරීමටත්, සැණකෙළි හා වෙනත් උත්සව අවස්ථාවන්හි දී වට පිටාව ගැන සැළකිලිමත් වීමටත් ජනතාව පුරුදු විය යුතුයැයිද එහි සඳහන් වේ.
පසුගිය මාස කිහිපයේ දී ප්‍රංශයේ, රුසියාවේ, මාලි රාජ්‍යයේ සහ තවත් රටවල්වල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර හා ඉදිරියේ දී ද එවැනි ප්‍රහාර ඇතිවීමේ අවදානමක් පැවතීම මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතුවූ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
බෙල්ජියම් අගමැතිවරයා ද අනතුරු ඇගවීමක් නිකුත් කරමින් කියා ඇත්තේ බ්‍රසල්ස් නුවර තව සතියක් පුරා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඉහළ අවදානමක් පවතින බවයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ නිවේදනය නිකුත් කර ඇත්තේ ඇමෙරිකානු වැසියන් ඉලක්ක කරගනිමින් වුව ද එය ලොව පුරා ජනතාවට එල්ලවූ අනතුරු ඇඟවීමක් බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
COMMENTS
වසර තිහක් පුරා අප විඳි ශාපය නොදුටු, නොතැකු බටහිර ඇත්තන්ටද මරණයේ සෙවණැලි ගැන අවබෝධයක් ඇතිවී ඇති සැටියකි. මගේ රටට දළදා හිමි සරණයි! (නි)
කිතුල්ගොඩ මහතාගේ ප්‍රතිචාරය අති විශිස්ඨයි.(රේ)
අපේ රටට හොඳ අවස්ථාවක් ත්‍රස්තවාදය පිළිබඳව ලෝකයට පණිවුඩයක් දෙන්න,ත්‍රස්තවාදය මොනතරම් හින්සාකාරිද,ජනජීවිත හා දේපල විනාශ කරනවද, යන්න ලෝකයට ඒත්තු ගැන්වීමට මෙය අවස්ථාවක් ලෙස යොදාගැනීමට අපගේ විදේශ දුත සේවය කටයුතු කළ යුතු බව මගේ අදහස.(ම)
තමුන්ට තර්ජනයක් නොවන ඕනෑම රටක ත්‍රස්තවාදයට, බෙදුම්වාදයට සුදු හුණු ගාමින්,උඩගෙඩි දුන් මුන්ට දැන් දැන් රඟේ තේරිලා වගෙයි (ම)
ඉහත සඳහන් ත්‍රස්ත උවදුරු පිළිබඳ අපිත් සීරුවෙන් සිටියොත් හොඳයි (නි)
ලියොන් මහත්තයෝ, අපේ රටෙනුත් අයිඑස් ත්‍රස්ත වාදීන් නැතිකිරීමට හමුදා භටයන් යැව්වොත් ලංකාවටත් අනිවාර්යයෙන්ම ඔවුන් පහරදෙනවා.ප්‍රංශය,ඔස්ට්‍රේලියාව වැනි බලවත් රටවල් වලත් ප්‍රහාර එල්ල කරපු මේ ත්‍රස්තවාදීන්ට ලංකාවට පහරදෙන එක මහදෙයක් නෙමයි. (බ)