IMG-LOGO

පැරිසියේ සුනිල සර නැංවෙයි

ජනප‍්‍රිය ප‍්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ ‘සඳකඩ පහණ‘ ප්‍රසංගයත් සමඟ පසුගියදා  යුරෝපා සංචාරයකට එක් වෙමින් ඉතාලියේ පැවති ප‍්‍රසංග කිහිපයකින් පසු 18 වැනිදා පැරීසියේ ‘සඳකඩ පහණ‘ ප‍්‍රසංඟයට සහභාගි විය.

ඔහු සමඟ බණ්ඩාර ඇහැලියගොඩ කලාකරුවාද ප‍්‍රසංගය වර්ණවත් කළේය. සිය ගමන් මගේ 68 වැනි කනුව පැරීසියේදි ආරම්භ කළ සුනිල් එදිරිසිංහයන් පැරීසිය ලෝකයේ කලාගාරයක් ලෙස හැඳින්වීය. ලෝක ප‍්‍රසිද්ධ කවියන්, ලේඛකයන්, ගායක ගායිකාවන්, නළු නිළියන්, සංගීතඥයන් ආදී සුපලත කලා ශිල්පීන් ඉපැදුණු හා මියැදුණු නගරයක් ලෙස පැරීසිය සැලකේ.

ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති නිල නිවසේදි ඔහුගේ උපන් දින සැමරුම සිදුවු අතර එයට පැරීසියේ සමාජ ක‍්‍රියාකාරීන් පිරිසක්ද සහභාගි වූහ. අහම්බෙන් මෙන් පැරීසියේදි සිදුවු ඔහුගේ උපන් දින සාදයේදි  පුවත්පත් සාකච්ඡාවකට ද එක්විය.

ප‍්‍රශ්නය

පැරීසිය ලෝකයේ කලාගාරයක් ලෙස හඳුන්වනවා. කලාකරුවෙකුට පැරීසිය සුරපුරයක්. අහම්බෙන් මෙන් හෝ එම කලාගාරයේදි ඔබගේ 68 වැනි උපන් දිනය සමරනවා. ඒ ගැන මොනවද හිතෙන්නේ ?

පිළිතුර

බොහෝම විරල අවස්ථාවක්. මොකද? බොහෝ විට මගේ උපන් දින ගෙවිලා ගියේ ශ්‍රී ලංකාවේ. ඒ අතර තුර විදේශයකදී මෙවැනි අවස්ථාවක් උදාවුණේ ප‍්‍රථම වතාවට. එයත් පැරීසියේදි. පැරීසිය කලාකරුවන්ගේ තෝතැන්නක්. එම නිසා මගේ 68 වැනි උපන් දිනය පැරීසියේදී සැමරීම ඇත්තටම භාග්‍යයක්. මම අහල තියෙනවා පැරීසියේ ගෘහ නිර්මාණ පිටුපස සැඟවුනු සංගීතයක් තියෙනවා කියලා. මම මෙහාට ආවේ ඉතාලියේ ප‍්‍රසංඟ කිහිපයක් අවසන් කරලයි. පැරණි ගෘහ නිර්මාණ ශිල්පයත් සමඟ ඉතා වටිනා පෞරාණික ඉහල සංස්කෘතික වටිනාකමක් ඇති දේවලින් පෝෂණය වුණු නගර දෙකක් රෝමය හා පැරීසිය. ඉතින් කලාකරුවන්ටම වෙන්වුනු නගරයකදී කලාවට ප‍්‍රිය කරන කලාවට ආදරය කරන පිරිසක් සමඟ අද සැඳෑව ගත කිරීමට ලැබීම අමතක නොවන සිහිවටනයක් බව මතක් කිරීමට කැමැත්තෙමි.

ප‍්‍රශ්නය

ඔබේ අයියා සතිස්චන්ද්‍ර එදිරිසිංහ නිපැයුමක්වූ මාතර ආච්චි චිත‍්‍රපටියට ප‍්‍රතිභාපූර්ණ කලා ශිල්පියෙක් වූ නැසීගිය වොලී නානයක්කාර සඳකඩ පහණ ගීතය ලියනවා. සිංහල සංගීතයේ නොමැකෙන පෙරළියක් කළ විශාරද වික්ටර් රත්නායක සඳකඩ පහණ සංගීතවත් කරනවා. සඳකඩ පහණ වොලී නානයක්කාර ලිවූ එකම ගීතයද වෙනවා. දැවැන්ත කලා ශිල්පි එකතුවක පිළිසිඳ ගැනීමක් විශාරද සුනිල් එදිරිසිංහ. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද?

පිළිතුර

එය සැබෑවක්මයි. මගේ අයියා සතිස්චන්ද්‍ර කලාකරුවෙක් ලෙස මට පෙර ක්‍ෂේත‍්‍රයට පිවිසි කෙනෙක්. ඔහු රඟපෑමට දක්ෂයෙක්. මගේ අක්කා හා නිමල් අයියත් ගායනයට දක්ෂයෝ. මේ සියලූ දෙනාගේ ආභාෂයත් මගේ නිවසත් මගේ මෙම ආගමනයේ ආරම්භකයෝ යැයි හැදින්වුවොත් එය නිවැරදියි. එවැනි පවුලක ඉපැදීමට ලැබීමත් භාග්‍යයක් කොට සලකනවා. ඊළඟට අයියගේ මාතර ආච්චි චිත‍්‍රපටයේ සංගීතය භාර දුන්නේ විශාරද වික්ටර් රත්නායකයාණන්ටයි. ඔහු එදත් අදත් ලංකාවේ විශිෂ්ට ගනයේ අද්වතීය සංගීත විශාරදයෙක්. මෙය ඔහු සංගීතය සැපැයූ ප‍්‍රථම චිත‍්‍රපටයයි. එහිදී ඔහු සඳකඩ පහණ ගීතයට මධුරතර සංගීතයක් මුසු කරනවා. වොලී නානායක්කාර කියන්නේ අපට සිටි ඉතාමත්ම දක්ෂ රංඟ වේදියෙක්. මාතර ආච්චි චිත‍්‍රපටයට ගීතයක් ලියන්න  ඔහු අපේ අයියගෙන් අහල තියෙනවා. අයියත් කැමති වෙලා තියෙනවා. ඊට පසු වොලී නානායක්කාර සඳකඩ පහණ ගීතය නිර්මාණ කරල තියෙනවා. එය වොලී ලියපු ප‍්‍රථම ගීතයයි. සතිස්, වික්ටර්, වොලී එකතුවේ සඳකඩ පහණ ගීතයේ අතීතය එයයි. එය හරි රසවත් අතීතයක්. මගේ ගායක ජීවිතයේ ආරම්භය ඇත්තටම ඉහත ශිල්පීන් තිදෙනා ලෙස හැදින්වීම ඉතාමත්ම යෝග්‍ය වෙනවා. ඒ වගේම විශාරද පි.වී නන්දසිරි ගුරුතුමාත් ගෞරවයෙන් මතක් කළ යුතු වෙනවා.

ප‍්‍රශ්නය

ශ්‍රී ලංකාවේ අතීත, වර්තමාන සංගීත ක්ෂේත්‍රය විග‍්‍රහ කරන්නේ කෙසේද?

පිළිතුර

සුභාවිත ගීතය අනුව සංගීතයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 70 හා 80 දශකයන් හා ගුවන් විදුලි යුගය අද ගිළිහෙමින් තිබෙන බව පේනවා. 77න් පසුව සිදුවූ දේශපාලන පරිවර්තන වලින් අපේ සංගීතයත් වෙනස් මගක ගමන් කරන බවයි මට පේන්නේ.

ප‍්‍රශ්නය

ඔබ ලංකාවේ ප‍්‍රසිද්ධ විශාරද ගායකයෙක්. පිළිගත් කලාකරුවෙක් දේශපාලනඥයෙක් නොවේ. නමුත් ඔබ රටේ ඉතාමත් වගකිව යුතු යහපත් පුරවැසියෙක්. වර්තමාන ශ්‍රී ලංකාවේ ගමන් මග ගැන සමස්තයක් ලෙස ධණ ඍණ ඔබ විග‍්‍රහ කරන්නේ කෙසේද ?

පිළිතුර

රටක් ලෙස ගතහොත් කලාව පමණක් නොවේ දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, අධ්‍යාපනය යන මේ සියලූ දෙයම රටක ඉදිරි ගමනකට අවශ්‍යම දේ. කලාව පමණක් නොවේ වෙනත් දෑ පවා දියුණු වන්නේ රටක් යහපත් වුවොත් පමණයි. එසේ නොවී කලාව පමණක් වර්ධනය නොවේ. දේශපාලනය හා ආර්ථිකයත් කලාව හා සම්බන්ධයි. එබැවින් වර්තමාන තත්ත්වය දෙස බලන විට යහපත් කලාවට ඇත්තේ ඉතා නොපැහැදිලි තත්වයක්. ඒක මම අවංකව දරන මතයයි. එය වෙනස් වීමට නම් සමස්ත ක‍්‍රියාවලිය තුලම යම් වෙනස් වීමක් සිදුවිය යුතු වෙනවා. මිනිසුන් සංවේදි බවෙන් ඈත්වෙලා. එයින් මිදීමට නම්; ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන හා ජාතික චින්තනය අතින් රට මීට වඩා ශිලාචාර විය යුතුයි.

ප‍්‍රශ්නය

ඔබ බොහෝ කලකට පසුවයි යුරෝපා සංචාරයකට එක් වුණේ. මෙවර සඳකඩ පහණ ප‍්‍රසංඟ චාරිකාව කොහොමද ?

පිළිතුර

අපි සඳකඩ පහණ ප‍්‍රසංඟය බොහෝ විට පවත් වන්නේ ශ්‍රී ලංකාවේ. විදේශයකදි එය ඒ ආකාරයෙන්ම පැවැත්වීම ටිකක් අසීරු වැඩක්. එසේ වුවත් සඳකඩ පහණ ප‍්‍රසංඟයේ යම් ගුණාත්මක බවක් ඇත්නම්; එය ඒ ආකාරයෙන්ම රැුක ගෙන ප‍්‍රසංඟය ඉදිරිපත් කිරීමට අපි නිතරම උත්සාහ ගන්නවා. මෙවර සංචාරයට ලංකාවේ දක්ෂ කලා ශිල්පියක්වූ බණ්ඩාර ඇහැලියගොඩත් එකතු වුණා. සියලූ දෙනාගේ එකතුවෙන් මෙවර යුරෝපා ප‍්‍රසංඟ අලංකාර ලෙස පැවැත් වීමට හැකි වුණා. ඒ සඳහා උදව්, උපකාර, සංග‍්‍රහා , උවටැන් කළ ඉතාලියේ හා පැරීසියේ සියලූ දෙනාටම මගේ ස්තුතිය හිමි වෙනවා.

web01 web02

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පැරිසියේ සුනිල සර නැංවෙයි

චන්න බුවනක Sunday, 01 January 2017 02:27 PM

මෑතදී ඉතා ජනප්‍රිය වුණු ‘මේ තරම් සියුමැලිද කළුගල්‘ ගීතය මඟින් මෙතුමා නවක කලාකරුවන් දෙන්නෙකුට සහයෝගය දී තිබෙනවා (නි)

:       0       0

ධර්මසිලි පැරිස් Thursday, 29 December 2016 03:15 PM

සුනිල් එදිරිසිංහ ගායකයානන්ට සුබම උපන් දිනයක් වේවා !!! (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 29 December 2016 03:23 PM

ඔය ප්‍රබුද්ධ ගායකයෝ කියන පිරිස හොඳට සින්දු කියන එක සත්‍ය වුනත් කිසිම නවකයෙකුට උදව් කරන්නේ නැහැ. ඒ ඒ අය කල්ලි ගැහිලා ගීපද, තනු හදමින් තනිව නැගිටින්න හදන දක්ෂ තරුණ ගායකයන්ගේ වැරදි විතරක් පෙන්නමින් කරලියේ වැජඹෙනවා. 'වරදේ නොබැඳෙන ලඳුන් ලොව නැත ' කියන ප්‍රබුද්ධයන්ට තම මව, සහෝදරියන්, පෙම්බර බිරිඳ අමතක වුනාද? (බ)

:       0       0

යසන්ත Saturday, 31 December 2016 02:10 AM

සුබ පැතුම්! (නි)

:       0       0

කරුණාරත්න Monday, 02 January 2017 06:16 AM

සියළු කටයුතු සාර්ථක වේවා!

:       0       0

චමරි මිලානෝ Monday, 02 January 2017 06:32 AM

සියලු සත්වයන් විවේචනය කරන පිටිගල මිලානෝට සුභ නව වසරක්‌ම වේවා! (නි)

:       0       0

රමණි Saturday, 31 December 2016 02:07 PM

පැරීසියේ සුනිල් එකතුවක්. හරි අගෙයි! (නි)

:       0       0

ටෙනිසන් Saturday, 31 December 2016 03:07 PM

අපිට හරිම සතුටුයි (නි)

:       0       0

ධම්මික Friday, 30 December 2016 03:38 AM

ගීත ගයන සුනිල්ටත්, ප්‍රංශ පුවත් අපට ලියා එවන සුනිල්ටත් ස්තුතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 796 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1209 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site