IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප‍්‍රංශ පොලිසිය තුලූස් ඝාතකයා කොටුකර ගනී

ප‍්‍රංශයේ තුලූස් නුවර හමුදා සෙබළුන් සිවුදෙනකුත් යුදෙවු ආගමික ගුරුවරයකු සහ ඔහුගේ දරුවන් තිදෙනාත් වෙඩි තමා මරා දැමූ ඝාතකයා, කොටුකර ගැනීමට පොලිසිය පෙරේදා (21) සමත්විය. ඔහු මොහොමඞ් මෙරාහ් නමැති 23 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු බවත්, 2008 වසරේදී ඇෆ්ගන් බන්ධනාගාරයකින් පැනගොස් ප‍්‍රංශයට පැමිණි අයකු බවත් පොලිසිය පවසයි. ඔහු ප‍්‍රංශ හමුදා සෙබළුන් ඝාතනය කළේ මීට සතියකට පමණ පෙරය. එම අවස්ථාවේදී පොලිසියට ඔහු අල්ලා ගැනීමට නොහැකි විය. යතුරු පැදියකින් පැමිණි ඔහු, යුදෙවු ආගමික ගුරුවරයා ඔහුගේ පුතුන් දෙදෙනා සහ සිඟිති දියණිය වෙඩි තබා ඝාතනය කළේ ඉකුත් සඳුදා (19) ය. තමා අල් කයිඩා සාමාජිකයකු බවත් ප‍්‍රංශය දණ ගැස්සීමට තමන් සමත් වූ බවත් එම වෙඩි තැබීමෙන් පසු අන්තර්ජාලය හරහා ප‍්‍රකාශයක් කරමින් මෙරාහ් කියා සිටියේය. එම වෙඩි තැබීමෙන් කම්පනයට පත් ප‍්‍රංශ ජනපති නිකලස් සාර්කෝසි, ප‍්‍රංශ ආරක්ෂක සහ බුද්ධි අංශ අමතමින් කියා සිටියේ ඝාතකයා වහා අල්ලා ගැනීමට කටයුතු කරන ලෙසය. ඒ අනුව පුළුල් පොලිස් පරීක්ෂණ කඩිනමින් ආරම්භ විය. මෙරාහ්, පදිංචි ස්ථානය සොයා වැටලීමට පොලිසියට හැකි වූයේ මෙරාහ්ගේ සොහොයුරාගේ පරිගණකයේ ඇති දත්ත පරීක්ෂා කිරීමෙනි. මෙරාහ්, තුලූස් නගරයේ මහල් පහකින් සමන්විත මහල් නිවාසයක පළමු වැනි මහලේ කාමරයක පදිංචිව සිටින බව දැනගත් පොලිසිය, ත‍්‍රස්ත මර්දන බලඇණියක් යොදවා මහල් නිවාසය වැටලූවේ පෙරේදා සැන්දෑවේය. මාධ්‍ය වාර්තා කළේ එම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 300 දෙනකු සම්බන්ධ වූ බවය. පොලිස් වැටලීමේදී යටත්වීම ප‍්‍රතික්ෂේප කළ මෙරාහ්, ත‍්‍රස්ත මර්දන පොලිස් නිධාරීන්ට වෙඩි තබා අත් බෝම්බවලින් පහර දුන්නේය. එහිදී පිපිරීම් තුනක් සිදු වූ බවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ බවත් පුවත් සේවා වාර්තා කරයි. මෙරාහ් සහ පොලිස් නිලධාරීන් අතර පැය කිහිපයක් තිස්සේ දරුණු වෙඩි හුවමාරුවක් ද සිදුවිය. අවසානයේ මෙරාහ් දිවි නසා ගත් බව වාර්තා විය. මෙරාහ් පවසා ඇත්තේ ඊශ‍්‍රායලය පලස්තීන  යට එල්ල කරන ප‍්‍රහාරවලට විරෝධය පළ කිරීමක් වශයෙන් තමා යුදෙවු පාසල ඉදිරිපිටදී යුදෙව්වන්ට වෙඩි තැබූ බවය. ඔහු ප‍්‍රංශ සෙබළු ඝාතනය කර ඇත්තේ ප‍්‍රංශ රජය ඇෆ්ගන් යුද්ධයට සම්බන්ධ වීම ගැන විරෝධය දැක්වීමටය. ඝාතනයට ලක්වූ යුදෙවු ගුරුවරයා (වමේ) සහ දරු තිදෙනා.  යුදෙවු ගුරුවරයාගේ බිරියද මෙහි සිටී මොහොමඞ් මෙරාහ්



අදහස් (0)

ප‍්‍රංශ පොලිසිය තුලූස් ඝාතකයා කොටුකර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site