එළැඹෙන ප‍්‍රංශ ජනාධිපතිවරණය සඳහා එක් එක් පක්ෂ වල හා ස්වාධීන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු මේ දිනවල සිදුවේ. පාලක සමාජවාදි පක්ෂයෙන් හිටපු අගමැති මැනුවෙල් වාස් ඇතුළු හත් දෙනෙක් පක්ෂ අපේක්ෂක සටනට පිවිස සිටිති.
සමාජවාදී පක්ෂයේ හිටපු අගමැති වාස් පසුගියදා ඊසාන දිග ප‍්‍රංශයේ යුරෝපා පාර්ලිමේන්තුව පිහිටි ස්ට‍්‍රාස්බෝර්ග් නගරයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සංවිධානය කරමින් එහි ආපන ශාලාවක පැවැති ප‍්‍රාදේශීය පක්ෂ ක‍්‍රියාධරයන්ගේ සාකච්ඡාවකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ තරුණ කම්කරුවෙක් පාන් පිටි පිරවූ කුඩා බෑගයකින් ඔහුට දමා ගසමින් 49.3 නීතිය අපිට අමතක නැති බව කියා කෑ ගසමින් එම ස්ථානයෙන් පිට විය. මුළු ඇඟ පුරා පිටි තැවරුණු වාස් ආරක්ෂා සහිතව ආපන ශාලාවට රැගෙන ගිය අතර ආරක්ෂකයෝ ප්‍රහාරය එල්ල කළ තරුණයා අත් අඬංගුවට ගත්හ. ඔහුට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ හෙයින් පසුව මුදා හැරිණි.
ඉදිරි ජනාධිපතිවරණයට පාලක සමාජවාදී පක්ෂයේ වර්තමාන ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් ඉදිරිපත් නොවන බව දෙසැම්බර් මුල් සතියේ ප‍්‍රකාශයට පත් කළේය. වර්ෂ 1945න් පසු ප‍්‍රංශයේ හිටපු ජනාධිපති වරයකු දෙවැනි වර ජනාධිපති වරණයට ඉදිරිපත් නොවන ප‍්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයටද එක්වේ. ඒ හේතුවෙන් හිටපු අගමැති මැනුවෙල් වාස්ට ජනාධිපතිවරණයට තරඟ කිරීමට මඟ පෑදුණු අතර ඔහු අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී මැතිවරණ සටන ආරම්භ කළේය.
ඔහු අගමැති ධූරය දැරූ පසුගිය මැයි මාසයේ හාම්පුතුන්ට වාසිදායක ලෙස ප‍්‍රංශයේ ඇතැම් කම්කරු නීති සංශෝධනය කිරීමට උත්සහා ගත්තේය. ප‍්‍රංශ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 49.3 දරන නීති වගන්තියට අනුව කිසි කෙනෙකුගේ කැමැත්ත නොවිමසා අගමැති කැමැත්තෙන් පමණක් නීති සම්මත කර ගැනීමේ ක‍්‍රමවේදයක් ප‍්‍රංශ ව්‍යවස්ථාවේ ඇත්තේය. මෙම නෛතික අවස්ථාව උපයෝගී කර ගනිමින් කම්කරු නීති සංශෝධනයට ආරම්භවු අවස්ථාවේ වර්ජන, උද්ඝෝෂණ, වාද විවාද ආදියෙන් පසුගිය කාලයේ අඩුවක් නොතිබුණේය. එබැවින් මහජන නැගිටීම් හමුවේ එම සංශෝධන හකුලා ගැනීමට ඔහුට සිදු විය. එනමුදු වෘත්තීය සමිති හා කම්කරුවෝ ඔහු ගැන දැඩි අප‍්‍රසාදයෙන් පසුවූ අතර පිටි ප‍්‍රහාරය කරලියට පැමිණි එහි එක් අවස්ථාවක් පමණය.
මින් පෙර ප‍්‍රංශයේ සිටි අගමැතිවරු 14 දෙනෙක් විසින් ඉහත නීතිය 86 වතාවක් ක‍්‍රියාවට නගා ඇති අතර මියගිය සමාජවාදි පක්ෂයේ අගමැති මිචෙල් රොකා අගමැති සමයේ 28 වතාවක් ඉහත නීතිය භාවිතයට ගෙන ඇත්තේය. තමා ජනාධිපති වුවොත් ඉහත නීතිය අහෝසි කරන බව මැනුවෙල් වාස් මේවන විට පොරොන්දුවක් දී ඇත්තේය. අලංකාර ගමනකදී පිටි ග‍්‍රෑම් ගණනක් නමුත් සිනහව කිලෝවක් ලැබුණු බව ප‍්‍රහාරයෙන් පසු මාධ්‍යවේදීන් අමතා ඔහු ප‍්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි, ඕක අපේ ජාතිය වැරැද්ද. ජාතිය හෝ සිංහලයා වෙනුවෙන් අපි කතාකළාම අපේම අය අපි ජාතිවාදීන් කියලා හංවඩු ගහනවා. ඔයා ඇයි කියලා අහනවා. ඔවුන් හිතනවා අනෙකා අපි වෙනුවෙන් කතා කරනවා, අපි මොකටද කරදර වෙන්නේ කියලා. (නි)
බුෂ්ට සපත්තු පහර දීපු එකේ ඕක මොකක්ද? (නි)
ප්‍රංශය සහ ශ්‍රී ලංකාව මෙහි ඇත්තේ පොදු ප්‍රතිපත්තිමය යහපාලනයකි .. (ප්‍රංශය) එහි ඇත්තේ පුද්ගලික න්‍යායක එල්ලෙන යහපාලනයකි. (ශ්‍රී ලංකාව) ප්‍රංශයේ විරෝධය පාන්පිටි ප්‍රහාරයෙන් එළිදකින අතර ශ්‍රී ලංකාවේ විරෝධය බෝම්බ ප්‍රහාරයකින් පුපුරා යා හැක (බ)
පද්මිණි, කරුණු නොදැන බොරු කියන්න එපා. පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා ඒ ප්‍රංශ රැජිණ කවදාවත් කිවුවේ නැහැ. ඒ කියුම ඊට වඩා බොහොම පැරණි එකක්. ඇරත් ඇයව ගිලටීනයට යැව්වේ කුසගින්නේ හිටපු ජනතාව නොවෙයි. ඉතිහාසය කියවන්න. එය බරපතල වරදක් හැටියට අද පිළිගැනෙනවා! (නි)
මිට වසර 20 කට ඉස්සරත් පාන්පිටි මිල වෙනසක් නැහැ. (ප්‍රංශයේ). අදත් ශත 45 කට පිටි කිලෝවක් ගතහැකියි. 1789 පාන් නැත්නම් කේක් කාපල්ලා කී රැජිණ ගිලටීනයට යැව්වේ කුසගින්නේ හිටිය ජනතාව. අද ලංකාවට වෙලා තියෙන්නේ ඊටත් එහා ගිය ව්‍යසනයක්. නමුත් ජනතාව නිහඬයි. ඇයි? (නි)