IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්‍රංශයේ හමුදා වැඩවලට ගන්න චන්ද්‍රිකා අලුත්වැඩියා කරන්න ඩොලර් බිලියන 4.2 ක්


 
 
පැරිස්හිදීය (රොයිටර්)
 
හමුදා කටයුතු සඳහා යොදාගන්නා චන්ද්‍රිකා අලුත්වැඩියා කිරීම සහ උසස් කිරීම සඳහා ප්‍රංශය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.2ක මුදලක් ආයෝජනය කරන බව එරට ආරක්ෂක අමාත්‍ය ෆ්ලෝරන්ස් පාලි අද (9) ප්‍රකාශ කළාය.
 
ප්‍රංශයේ ‘සීනිවුස්’ රූපවාහිනි නාලිකාවේ වැඩසටහනට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය. 
 
ප්‍රතිවාදීන්ගෙන් එල්ල විය හැකි තර්ජන සළකා බලමින් එම පියවර ගන්නා බව ද ඇය කීවාය. තවදුරටත් අදහස් දැක්වූ ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය මෙසේ ද කීවාය.
 
“අපි අපේ හමුදා චන්ද්‍රිකා අලුත්වැඩියා කරනවා. එම පද්ධති තවත් උසස් කරනවා. ප්‍රතිවාදීන් අපේ තොරතුරු අත්පත් කරගැනීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා අපි අපේ චන්ද්‍රිකාවල ආරක්ෂිත කැමරා සවි කරනවා. එතකොට අප වෙත එන්නේ කවුදැයි දැනගැනීමට අපට හැකියාව ලැබෙනවා”.
 
ප්‍රංශ සහ ඉතාලි හමුදා ආරක්ෂිත සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නා චන්ද්‍රිකාවකට බාධා කිරීමට රුසියාව පසුගිය වසරේදී උත්සාහ කර ඇතැයි ද ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය එම රූපවාහිනි වැඩසටහනේ දී සඳහන් කළාය. 
 
055



අදහස් (0)

ප්‍රංශයේ හමුදා වැඩවලට ගන්න චන්ද්‍රිකා අලුත්වැඩියා කරන්න ඩොලර් බිලියන 4.2 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site