IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් තායිවානයට කඩා වදී

තද සුළං සහ මහ වැසි ද සමඟ ‘ටෙම්බින්’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (23) සවස තායිවානයට කඩා වැදුණි. කුණාටුව පැමිණීමත් සමඟ අවදානම් ප‍්‍රදේශවල ජීවත් වූ 3,000 ක් දෙනා වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු යුහුසුළු වූහ. පැයට කිලෝ මීටර් 144 ක වේගයකින් හමා ආ සුළි කුණාටුවෙන් වැඩිපුරම බලපෑම් එල්ල වූයේ නැගෙනහිර තායිවානයේ කඳුකර ප‍්‍රදේශලටය. ස්ථාන කිහිපයක නායයෑම් හටගත් බව ද වාර්තා වේ. කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීම් කිරීමත් සමඟ ජනතාව ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීමට තමන්ට හැකි වූ බව  එරට ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි. සුළි කුණාටුවේ බලපෑම් නිසා ගුවන් ගමන් කටයුතු අත්හිටුවීමට ද තායිවාන ගුවන් ගමන් පාලන අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ. තායිවාන රජය පැවැසුවේ ජනතාවට සහාය දීමට 50,000 ක අමතර හමුදා භට පිරිසක් ද සීරුවෙන් තබා ඇති බවය. තායිවානය මෙම මාසය මුලදී ‘සෝලා’ නමැති සුළි කුණාටුවෙන් ද බැට කෑවේය. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට මේ වනවිට තවත් සුළි කුණාටුවක් තායිවානය දෙසට ඇදී එමින් පවතී.



අදහස් (0)

ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් තායිවානයට කඩා වදී

ප්‍රවීන් - මැනිලා Sunday, 26 August 2012 12:51 PM

කැරකිලා කැරකිලා පිලීපීනෙටම පාත් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site