නැගෙනහිර පැපුවා නිව් ගිනියාවේ ගිනිකන්දක් පුපුරා යාම හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
මවුන්ට් ටවුවර් නැමැති නව බ්‍රිතාන්‍ය දූපත් වල පිහිටි මෙම ගිනිකන්ද අද අළුයම් කාලයේ පුපුරා ඇත. ගිනි අළු සෑම තැනම විසිරීයන බැවින් හැකිතාක් ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.
පැපුවා නිව්ගිනියාව පිහිටි පැසිපික් සාගර කලාපය හඳුන්වන්නේ ගිනි වළල් යනුවෙනි. නිරන්තරව ක්‍රියාකාරීවන ගිනිකඳු රැසක් ඒ අවට පිහිටා තිබීම හේතුවෙන් මේ අන්වර්ථ නාමය ලැබී ඇත. මේ ගිනිකන්ද 1994 වර්ෂයේ අවසන් වරට පිපිරී ගිය අවස්ථාවේ දී රබුඅල් නගරය දැඩි සේ විනාශ විය. ඒ මතකය ඇති බොහෝ දෙනෙක් තම ව්‍යාපාරික ස්ථාන වසා දමා දැනටමත් නගරයෙන් ඉවත්වෙමින් සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භයානක වගේම ලස්සනයි (නි)
ස්වභාවධර්මයා නැවතත් තමන් තුළ අප ජීවත්වන බව පසක් කරන්නීය.... (නි)
අපේ රටේ 'බඩ-ගිනිකන්ද' සක්‍රියවෙලා ගොඩක් කල්. (නි)