බ්‍රිතාන්‍යයේ ජීවත් වූ රුසියාවේ කේ.ජී.බී සංවිධානයේ හිටපු ඔත්තු සේවා නිලධාරියාට වස දීම සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්වීමත් සමඟ රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය වර්ජනය කිරීමට රටවල් හයක් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජූනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ පැවැත්වන පාපන්දු ලෝක කුසලානයට බ්‍රිතාන්‍යයේ රාජකීයන් හෝ නිලධාරීන් හෝ සහභාගී නොවන බව බ්‍රිතාන්‍ය නිවේදනය කිරීමත් සමඟ මේ තත්ත්වය ඇති වී තිබේ.
බ්‍රිතාන්‍යයේ එම නිවේදනයෙන් පසු රටවල් කිහිපයක්ම පාපන්දු ලෝක කුසලානය වර්ජනය කිරීම ගැන සලකා බලන බව නිවේදනය කළේය. මේ අනුව අයිස්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය හා ජපානය එම රටවල් අතරට අයත් වේ.
පාපන්දු ලෝක කුසලානයට එරට කණ්ඩායම්වල සහභාගීත්වය කෙසේ වෙතත් එම රටවල් සියල්ලම පාපන්දු ලෝක කුසලානය රාජ්‍ය තාන්ත්‍රික ලෙස වර්ජනය කරන බව නිවේදනය කර තිබේ. ඉදිරියේදී මෙම රටවල් ගොන්නට තවත් රටවල් එක්වීමේ ප්‍රවණතාවක් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඩේලිමේල්
(055)
2025 දෙසැම්බර් මස 04
349
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාපන්දු ලෝක කුසලානය වර්ජනය කරන්න රටවල් හයක තීරණයක්