ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ලබන සතියේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා සංචාරයේදී අයිඑස් ත්‍රස්තවාදීන්ගේ කීම පිට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන 15 හැවිරිදි ඇමරිකා ළමයකු එෆ්බීඅයි පරීක්ෂකයන් විසින් අත් අඩංගුවට ගනු ලැබිණි.

අයිඑස් ත්‍රස්තවාදීන් කුඩා දරුවන් නොමග යැවීමට සමාජ ජාල වෙබ් අඩවි කෙතරම් දුරට යොදාගන්නේද යන්න මෙමගින් පැහැදිලි වන බව ඇමරිකාව කියයි.

ගිනි අවි බහුවිධ පිපුරුම් ආදිය පිළිබඳව අයිඑස් ත්‍රස්තවාදීන්ගෙන් පුහුණුවක් ලද බව කියන මෙම ළමයාට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ උපදෙස් සියල්ල සමාජ ජාල වෙබ් අඩවි මගින් දී ඇතැයි කියති.

ත්‍රස්තවාදී සංවිධානයකට ආධාර අනුබල දීමට උත්සාහ කළැයි ඔහුට එරෙහිව නඩු පැවරීමට යයි.