
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වෛද්‍යවරයා වන ෆ්‍රැබ්‍රිසියෝ සෝකෝර්සි නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත්ව ඇත.
පාප්තුමාගේ වෛද්‍යවරයා වන ෆ්‍රැබ්‍රිසියෝ සෝකෝර්සි 78 වැනි වියේ පසුවන අතර පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
ඔහුට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඒ නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු මියගිය බව වතිකානයේ නිල පුවත් සේවයේ වාර්තා කළේය.
ෆ්‍රැබ්‍රිසියෝ සෝකෝර්සි 2015 වසරේ සිට ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
(රොයිටර්/ඒ.එෆ්.පී.)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දෙවියන් වහන්ස, කොරෝනා ආවාට පසුව ඔබ වහන්සේව දැක්කේම නැහැනේ... ඔබගේ ලෝක නියෝජිතයාගේ වෛද්‍යවරයාත් අන්න මියගිහින්ලු..