IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘පතන්කොට් ගැටුම දේශපාලනීකරණය කරන්න එපා‘

ඉන්දියාවේ පතන්කොට් හි ප්‍රහාරය ප්‍රබල හස්තයක ක්‍රියාවක් බවත් එය දේශපාලනික ගැටළුවක් බවට පත්කර නොගන්නා ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් පන්ජාබ් මහ ඇමැති ප්‍රකාශ් සිංග් බදල් අද (3) පැවසූ බව එන්ඩීටීවී පුවත් සේවය පවසයි.

සෙනසුරාදා (2) ඉන්දු පකිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි පතන්කොට් නගරයේ ගුවන් හමුදා කඳවුරේ සිදුවූ වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් දෙදෙනකු හා ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනකු මිය ගියහ.

පතන්කොට් ප්‍රහාරය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවත් මධ්‍යම රජය හා ඉන්දීය රජය එකමුතුව කටයුතු කළ යුතු බවත් පන්ජාබ් මහ ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙවැනි සිදුවීම් මගින් ජාතියේ එකමුතුබවට හා පරිපූර්ණත්වයට හානි සිදුකර නොගත යුතු බවත් බදල් කියා සිටී.
ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමිවන බවද මහ ඇමැතිවරයා සඳහන් කරයි.

එමෙන්ම එහිදී දිවිදුන් සෙබළුන්ගේ පවුල්වල අයට විශේෂ ගෞරවය පුද කර ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ට උදව් උපකාර හා ජාතික යුතුකම් ඉටු කරන බවද බදල් පවසයි.
 



අදහස් (0)

‘පතන්කොට් ගැටුම දේශපාලනීකරණය කරන්න එපා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site