IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුටින්ගෙන් රුසියානු පාපන්දු කණ්ඩායමට සුබ පැතුම්

මොස්කව්හිදීය (රොයිටර්)

ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘රුසියානු’ පාපන්දු කණ්ඩායමේ කළමනාකරුට දුරකතන ඇමතුමක් දෙමින් කණ්ඩායමට සුබ පැතුම් එක් කර ඇතැයි ක්‍රෙම්ලීනය සඳහන් කරයි.

දහසය දෙනාගේ වටයේදී ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම එරෙහිව සියල්ලන් පුදුම කරමින් ඓතිහාසික ජයක් ලැබීමට රුසියානු කණ්ඩායම ඉරිදා (1) සමත්විය. 

රුසියානු කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයට එක්වූයේ තරගාවලියට එක්ව සිටින දුර්වලම කණ්ඩායමක් ලෙසය. තරගයේ පළමු වටයේදී සෞදි අරාබිය සහ ඊජිප්තුව පහසුවෙන් පරාජය කළ රුසියානු කණ්ඩායම ඊයේ, එනම් ඉරිදා (1) ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම පරාජයට පත් කරමින් අතිවිශිෂ්ට ජයක් ලැබීය.

ඒ අනුව රුසියානු කණ්ඩායම අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී. සෝවියට් සමූහාණ්ඩුව සමයෙන් පසු නූතන රුසියාවේ පාපන්දු කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසාන මහ තරගාවලියේ මෙතරම් දුරක් පැමිණි පළමු අවස්ථාව මෙයයි. 

රුසියානු පාපන්දු කණ්ඩායම ලැබූ මෙම අනපේක්ෂිත ජය පුටින් දේශපාලනික වශයෙන් ද ලැබූ ජයක් යැයි පැවැසුණි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරගාවලියේ සමාරම්භක තරගයට සහභාගී විය. 

එහෙත් කාර්යබහුලත්වය හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ස්පාඤ්ඤය තරගය නැරඹීම සඳහා සහභාගී විය නොහැකි වූ බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක ද්මිත්‍රි පෙස්කොව් පැවැසීය. ක්‍රීඩාංගනයට පැමිණීමට  නොහැකි වුවත් පුටින් තරගය නැරඹු බව ද පෙස්කොව් කීය. 

“මුළු රටම වගේම ජනාධිපති පුටින් ආරම්භයේ සිටම අවසානය දක්වාම තරගය නැරඹුවා” යැයි පෙස්කොව් කීවේය. 

රුසියානු පාපන්දු කණ්ඩායම ලැබූ ජයත් සමඟම එරට මොස්කව් ඇතුළු නරග රැසකම ජයසැමරුම් පැවැත්විණි. රුසියානු පාපන්දු ලෝලීහු වීදිවල ප්‍රීතිඝෝෂා නැගූහ. 

ජනාධිපති පුටින් තරග ආරම්භයට පෙරත් තරග ජයෙන් පසු පාපන්දු කණ්ඩායමේ කළමනාකරු ස්ටැනිස්ලව් චෙර්චේසොව්ට දුරකතයෙන් අමතා සුබ පැතුම් එක් කළ බව පෙස්කොව් වැඩිදුරටත් කීය. 

ස්පාඤ්ඤය සමඟ පැවැති තරගය නැරඹීම සඳහා රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව් ඔහුගේ බිරිඳ සමඟ ක්‍රීඩාංගනයට පැමිණ සිටියේය. ඔහු නියෝජ්‍ය අගමැති විටැලි මුට්කෝ සමඟ රුසියානු පාපන්දු කණ්ඩායම සමඟ ජය සමරන අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි. 

055



අදහස් (0)

පුටින්ගෙන් රුසියානු පාපන්දු කණ්ඩායමට සුබ පැතුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site