වයස අවුරුදු 4 ත් 9 ත් අතර කුඩා දරුවන්ටම ගැළැපෙන තාලයේ ජංගම දුරකථනයක් නිර්මාණය කිරීමට බි‍්‍රතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ.
ෆස්ට්ෆෝන් නමින් හැදින්වෙන මේ ජංගම දුරකථනයේ තිරයක් නොමැත.ගබඩා කළ හැක්කේ අංක 9 ක් පමණි.අංක 9 ට බොත්තම් 9 කි.මේ බොත්තම් 9 ට අමතරව තවත් බොත්තම් 2 කි. එක් බොත්තමක් එන ඇමතුම් වලට පිළිතුරු දීමටය.අනෙක ඇමතුමක් විසන්ධි කිරීමටය.
බොත්තම් 9 ට අදාළ අංක ඇතුළත් කිරීමේ හැකියාව ඇත්තේ දෙමව්පියන්ටය.
කුඩා දරුවන්ගේ සිත් දිනා ගැනීමේ අරමුණින් මේ දුරකථන විවිධ වර්ණයන්ගෙන් නිපදවීමටද ඔවුන්ෆෝන් සමාගම කටයුතු කර තිබේ.බොහෝ දෙමව්පියන් තම දරුවාට මිලදී දිය යුතු ප‍්‍රථම ජංගම දුරකථනයේ තිබිය යුතු පහසුකම් ගැන විමසිලිමත් වුවද වෙළදපොලේ පවතින ජංගම දුරකථන ඔවුන් අපේක්ෂා කරන තාලයේ ඒවා නොවන බැවින් මෙවැනි සරල කි‍්‍රයාකාරීත්වයකින් යුතු ජංගම දුරකථනයක් නිපදවූ බව සමාගමේ නිර්මාතෘ ටිම් සන්ඩර්ලෑන්ඞ් කියයි.
මේ නිර්මාණයට මේ වන විට යහපත් මෙන්ම අයහපත් ප‍්‍රතිචාරත් ලැබී ඇති බව සදහන්ය.කාර්යබහුලත්වය හමුවේ තම දරුවන් සමග ලෙහෙසියෙන්ම සම්බන්ධ විය හැකි බැවින් ඇතැමුන් හොද ආකල්පයක් මේ නිර්මානය කෙරෙහි දැක්වුවද කාර්යබහුලත්වය දඩමීමා කරගෙන කුඩා දරුවන්ට මෙලෙස කුඩා අවදියේ පටන්ම ජංගම දුරකථන භාවිතය හුරු කිරීම බොහෝදෙනාගේ විවේචනයට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහසුවෙන්ම ඉලක්ක කළ හැකි පාරිභෝගිකයා වන්නේ දරුවන්. (නි)
එන ඇමතුම් පාලනය කරන්නත් වෙයි (නි)
ලංකාවේ විවාහක කාන්තාවන්ටත් අනිවාර්ය කරමු (නි)
පොඩි උනුත් මල් කඩන්න ගත්තොත් නම් විනාසයි. (ස)
බබාල අම්ම කියන්න කලින් හලෝ ගාවිද ? (ස)
අම්මල නැලවිලි ගීත වෙනුවට හලෝ ගාවි. (ස)
පුංචි උන් කාට කතා කරන්නද ?(ස)
අපේ පොඩි දරුවන්ට මේක සාපයක් වෙයිද?(නදී)
මටනම් එකේ පේන එකම වැරැද්ද තිරයක් නැති එක විතරයි.(නදී)
අනේ අම්මෝ මට හිතාගන්න අමාරු අපේ දරුවන් මොනවා කරගනීද කියලා. ඕක අම්මලට හොදයි. එතකොට පවුලම සුරැකේවී (නි)