පාකිස්තානයේ හිටපු අගමැතිනියක වන බෙනාසීර් භූතෝ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් තවදුරටත් නිවාස අඩස්සියට පත් කළ යුතු බව රාවල්පිණ්ඩි ත‍්‍රස්තවිරෝධී අධිකරණය ඊයේ(26) නියෝග කළේය.
අගමැතිනී භූතෝ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මුෂාරෆ් පෙරේදා එරට ෆෙඩරල් පරීක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අවස්ථාව වනවිටත් දෙසතියක කාලයක් සඳහා ඔහු නිවාස අඩස්සියට පත් කරන ලදී.
අත්අඩංගුවට ගත් මුෂාරෆ් ඊයේ රාවල්පිණ්ඩි ත‍්‍රස්තවිරෝධී අධිකරණය වෙත පැමිණියේ දැඩි රැකවල් මධ්‍යයේය. අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මුෂාරෆ් දින තුනක කාලයක් නිවාස අඩස්සියේ රඳවා තබා ගත යුතු යැයි විනිසුරුවරු තීරණය කළහ.
නිවාස අඩස්සියට පත් කෙරුණු මුෂාරෆ් ලබන 30 වැනිදා නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
හිටපු ජනපතිවරයා මෙන්ම හමුදාපතිවරයා ද වන මුෂාරෆ් ඉස්ලාබාද් අගනුවරට ඔබ්බෙන් පිටිසරබදව පිහිටි සිය ගොවිපොළ නිවසෙහි පොලිස් ආරක්ෂාව යටතේ නිවාස අඩස්සියට පත්කර ඇත. ඒ, බලයේ සිටිද්දී ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමත්, ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් තනතුරුවලින් පහකිරීමත් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටීම හේතුවෙනි.
පාකිස්තානයේ හිටපු අගමැතිනියක වන බෙනාසීර් භූතෝ 2007 වසරේ දෙසැම්බර් 27 වැනිදා රාවල්පිණ්ඩි නගරය ආසන්නයේ පැවැති මැතිවරණ රැලියකට සහභාගී වෙමින් සිටියදී ඝාතනයට ලක්වූවාය. භූතෝ ඝාතනය සම්බන්ධයෙන් අදවන තෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
|
රාවල්පිණ්ඩි අධිකරණය ඉදිරිපිට රැුකවල් යොදා තිබූ අයුරු.. |
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන හිටපු ජනපති මුෂාරෆ් නිවාස අඩස්සියට
දයා Saturday, 27 April 2013 11:29 AM
කල කල දේ ඵල ඵල දේ . ඒ ලෝක ස්වභාවයයි. (ස)