IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාකිස්තාන දැරියට යළි තාලිබාන් තර්ජන

කාන්තා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා තාලිබාන් වෙඩි උණ්ඩයෙන් පහර ලැබුවද තම ධෛර්යය නිසාම ජීවිතය ජයගත් කුඩා වීරවරිය මලාලා යුසාෆ්සායි හට නැවත වරක් එම සංවිධානයෙන් මරණ තර්ජන එල්ල  වී ඇත.

මලාලා යුසාෆ්සායි යනු ඉස්ලාම් දහමේ ආචාර ධර්ම නොසළකන තැනැත්තියක් යැයි හඳුන්වාදී ඇති තාලිබාන් සංවිධානය යළිත් අවස්ථාවක් ලැබුණහොත් ඇය කෙසේ හෝ ඝාතනය කරන බව පවසමින් නිවේදනයක්ද නිකුත් කර ඇත.

මලාලා යුසාෆ්සායි හට තාලිබාන් තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. එම සංවිධානයේ වෛරයට ලක්වීමට ඇය කළ එකම වරද පාකිස්තානයේ තමන් වාසය කළ ප්‍රදේශයේ ජීවත් වූ කාන්තාවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමය.

තම පියාගේ සහය ඇතිව ඇය බ්ලොග් අඩවියක්ද පවත්වාගෙන ගොස් තිබූ අතර විදේශයන්හි මාධ්‍යවේදීන් ද පකිස්තානයේ කාන්තා අධ්‍යාපන අයිතිය පිළිඹදව දැනුම්වත් කිරීමටත් කටයුතු කර තිබුණි.

ඇයගේ මෙම වැඩකටයුතු තාලිබාන් සංවිධානයේ ඇහේ කටු අනින්නාක් වැනි වූ අතර දිනෙක පාසල නිමවී බසයෙන් නිවස බලා පැමිණෙමින් සිටි ඇයට බසයට නැගගත් තලේබාන් තුවක්කතරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වීමට සිදුවූයේ එම සංවිධානයේ වචනයට එරෙහිව යාමේ වරදටය.

වහා ඇය රෝහල් ගත කළ අතර පාකිස්තානයේ පහසුකම් මද වීමෙන් ඇයව බි්‍රතාන්‍යය කරා ගෙන එනු ලැබීය. ඇය පිළිඹද ලෝකයේම අවධානය යොමුවන්නට ගත්තේ ඉන්පසුවය.

වෙඩි පහරින් සිදුවූ තුවාල බරපතල වුවද ඇය සුවය ලැබුවාය.

තම අරමුණ කරා යෑමට දැක්වූ ධෛර්යය හා කැපවීම නිසාවෙන්ම ඇය ලෝකයේම ගෞරවයට ලක්වූවාය.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ සැසිවාරය ඇමතීමේ විශේෂ අවස්ථාවද ඇයට හිමිවිය.

ඇයගේ නම නොඛෙල් සාම ත්‍යාගය ලැබීම සදහාද යොජනා වී ඇති බව සදහන්ය.

මලාලා දැන් තම පවුලේ අය සමග ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේය.

බ්‍රිතාන්‍යය කාන්තාවන් හා සසදන කල්හි පකිස්තානයේ කාන්තාවන් දිවි ගෙවන්නේ අපායක බව ඇය කියන්නීය. කුමන තර්ජන එල්ල වුවත් ඔවුන් වෙනුවෙන් තමන් නිරතුරුවම පෙනී සිටිනා බව ඇය පවසන්නීය.

 



අදහස් (0)

පාකිස්තාන දැරියට යළි තාලිබාන් තර්ජන

කුමාර් Wednesday, 09 October 2013 04:22 PM

ඒ ගොල්ලෝ හිතන්නේ ගැහැණු කියන්නේ, මිනිහගේ වහලෙක් හා කාම බාන්ඩයක් පමනයි. බොරුනම් ඔප්පු කරන්න. (අ)

:       0       0

තුවාන් Thursday, 10 October 2013 02:27 PM

කුමාර්- ඔබ දන්නවාද ඇය දියණියක් ලෙස ඉපදෙනවිට තම පියාට ස්වර්ගයේ දොරටු විවෘර්ත කරනවා, ඇය බිරිඳක් වනවිට ඊය්මානය (විශ්වාසය) හරි අඩක් සම්පුර්ණ කරනවා, ඇය මවක් වනවිට ස්වර්ගය තම දෙපාමුලට පැමිණෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site