ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඊයේ (24) ධවල මන්දිරයේදී, ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා හමුවූයේය.
එම අවස්ථාවේදී, පාකිස්තාන අගමැතිවරයා ජනපති ඔබාමාගෙන් ඉල්ලා සිටියේ, පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සිදුකරන ඩ්‍රෝන ප‍්‍රහාර නවත්වන ලෙසටය.
තෙවැනිවරට පාකිස්තානයේ අගමැති ධුරයට පත් වීමෙන් පසු, අගමැති ෂරීෆ් ඇමෙරිකා ජනපති හමුවී ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීම සම්බන්ධවෙන් සාකච්ඡුා කළ පළමු අවස්ථාව මෙයයි.
ජනපති ඔබාමා හමුවී සාකච්ඡුා කිරීමෙන් පසු, මාධ්‍ය හමුවකදී, අගමැති ෂරීෆ් කියා සිටියේ, ඇමෙරිකා හමුදා, ඇෆ්ගනිස්තානයේ සිට දේශසීමා හරහා පාකිස්තානයේ සිදුකරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති වුණු බවය. කෙසේ නමුත් ඩ්‍රෝන යානා නවත්වන බව ජනපති ඔබාමා හෝ ඇමෙරිකා හමුදාව හෝ මෙතෙක් ප‍්‍රකාශයක් සිදු කර නැත.
ඩ්‍රෝන යානා යොදා ගනිමින් පාකිස්තානයේ යුද අපරාධ සිදු කරන්නේ යැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය එල්ල කර ඇති චෝදනාද ඇමෙරිකා රජය ප‍්‍රතික්ෂේප කරයි.
ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කරන්නේ ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කරගෙන බවත්, එය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන්නක් බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත.
මානව හිමිකම් සුරැුකීම වෙනුවෙන් පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙරේදා (22) ඇමෙරිකාවට එම චෝදනා එල්ල කළේ ‘පාකිස්තානට එල්ල වන ඩ්‍රෝන ප‍්‍රහාර වල මීළඟ ගොදුර කවුද ?’ යනුවෙන් සැකැසූ වාර්තාවක් ද ඉදිරිපත් කරමිනි.
ඇෆ්ගන් සංග‍්‍රාමයේ දී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය අවශ්‍ය වෙයි. ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන යෑම සිදුවන්නේ පාකිස්තානය හරහාය.
ඒ වෙනුවෙන් සහ පාකිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව වාර්ෂිකව මුදල් ලබා දීමක් ද සිදුකරයි.
2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රමය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඔබාමා සූදානම් වන අතර ඉන්පසු ඔහු වැඩි අවධානය යොමු කිරීමට සූදානමින් සිටින්නේ පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් මර්දනය කිරීමට යැයි පසුගියදා ප‍්‍රකාශ කර තිබුණි.
|
නවාස් ෂරීෆ් ඔබාමා හමුවෙමින්... |
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඇමෙරිකා ජනපති ඔබාමා හමුවෙයි
ජයන්පති Friday, 25 October 2013 10:00 AM
අනේ කෝ මේ පිල්ලෙ නෝනයි චැනල්4 කට්ටියයි. (ස)
ඉන්දු - මෙල්බන් Friday, 25 October 2013 11:56 AM
එහෙම කොහොමද ඩ්‍රෝන ප්‍රහාර නවත්තන්නේ. ඒවා මානව හිමිකම් සුරැකීමේ පිරිසිදු චේතනාවෙන් කරන ප්‍රහාර. (ස)
ගජමෑන් Friday, 25 October 2013 12:15 PM
හැබැයි ලෝක සමයට බරපතල තර්ජනයක් ව පවතින මුස්ලිම් ත්‍රස්තවාදයත් මර්ධනය කල යුතුයි. (ස)