IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාකිස්තානය සාමකාමී ගෝලීය සබඳතා කෙරෙහි වැඩි අවධානයක්

හර්ෂණ තුෂාර සිල්වා
 
පාකිස්තානය සාමකාමී ගෝලීය සබඳතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ආචාර්ය ෂහීද් අහ්මද් හෂ්මත් අද (29) පැවැසීය. 

 
පාකිස්තානයටත්, දකුණු ආසියානු කලාපයටත් ලෝකයටත් සාමය, සෞභාග්‍ය සහ ආර්ථික සංවර්ධන ගෙනෙන මිත්‍රශීලි සබඳතා ඇති කරගැනීම සඳහා ප්‍රමුඛත්වය දී තිබෙන බව ද මහ කොමසාරිස්වරයා කීය.
 
පාකිස්තානයේ 78 වැනි නිදහස් දිනය වෙනුවෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැති උත්සවයක් අමතමින් මහ කොමසාරිස්වරයා එම කරුණු කීය. 
එහිදි මහ කොමසාරිස් ෂහීද් අහ්මද් හෂ්මත් මෙසේ ද කීය.
 
“නිදහසින් පසු පාකිස්තානය බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. එහෙත් අපි ඉදිරියට පැමිණියා. අපි අද අපේ අසල්වැසියන්, දකුණු ආසියානු කලාපයේ රටවල් සමඟ මෙන්ම ගෝලීයව සාමකාමී සබඳතා ඇති කරගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා. 
 
පාකිස්තානයට, අපේ අසල්වාසීන්ට, ලෝකයට සාමය, සෞභාග්‍ය ගෙනෙන, ආර්ථික හා දේශපාලනික වාසි අත්පත් කරදෙන ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය සබඳතා ඇති කරගැනීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. 
 
එහිදි ශ්‍රී ලංකාව යනු අපේ සමීප මිත්‍රයෙක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාව සෑම අවස්ථාකදීම අපිත් සමඟ සිටියා. අපි ජයග්‍රහණ ලබන විටදී පමණක් නොව, අපේ දුෂ්කර අවස්ථාවලදීත් ශ්‍රී ලංකාව අපි සමඟ සිටියා”.
 
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
 
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය, ෆයිසර් මුස්තාෆා සහ රිෂාද් බද්යුදීන් යන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඒ.එච්.එම් ෆවුසි සහ එල්.ඒ.එම් හිස්බුල්ලා , රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (0)

පාකිස්තානය සාමකාමී ගෝලීය සබඳතා කෙරෙහි වැඩි අවධානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site