පාකිස්තානය මධ්‍යදුර මිසයිලයක් ඊයේ(25) සාර්ථකව අත්හදා බැලූ බව පාකිස්තාන හමුදාව පවසයි. පාකිස්තානය මෙම මිසයිල අත්හදා බැලීම සිදු කළේ ඉන්දියාව අග්නි 5 මිසයිලය අත්හදා බැලීමෙන් සතියකටත් ගතවීමටත් පෙරය.
‘හට්ෆ් 4 ෂහීන් 1’ නමින් හඳුන්වා ඇති මෙම මිසයිලයට කෙතරම් දුර ගමන් කළ හැකිදැයි එරට හමුදාව නිශ්චිතව ප‍්‍රකාශ කර නොමැත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාකිස්තාන ආරක්ෂක විශ්ලේෂකයෙකු වන ජනරාල් ටලාට් මහමුද් පැවසූයේ කිලෝමීටර් 2,500-3,000ත් අතර පිහිටි ඉලක්කයකට පහරදීමේ හැකියාව මිසයිලය සතු බවයි.
මෙම මිසයිලය නව තාක්ෂණයෙන් සමන්විත ෂහීන් -1 වර්ගයට අයත් වන බවත් න්‍යෂ්ටික යුද ශීර්ෂ ගෙනයාමේ හැකියාව එය සතු වන බවත් පාකිස්තාන හමුදා හමුදාව සඳහන් කරයි.
1947 නිදහස ලැබීමෙන් අනතුරුව දෙරට අතර යුද්ධ ගැටුම් තුනක් හට ගෙන ඇත. යුද ගැටුම් අවසාන වීමෙන් පසුව 1998 වසරේ සිට න්‍යෂ්ටික අත්හදා බැලීම් මඟින් දෙරට තම යුද ශක්තිය පෙන්වීමට කටයුතු කර තිබේ. ඉකුත් මාසයේදී පාකිස්තානය කෙටිදුර මිසයිලයක් අත්හදා බැලීය.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
714
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාකිස්තානය මධ්‍ය දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි