IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නවසීලන්ත අගමැති ඉල්ලා අස්වෙයි

නවසීලන්ත අගමැති ජෝන් කී සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. තමාට තනතුරින් ඉවත්වීමට සුදුසුම වේලාව මෙය බව කියමින් අගමැතිවරයා ඉල්ලා අස්වී ඇති අතර නවකයකුට අවස්ථාවක් දීම සඳහා තමා එවැන්නක් සිදුකළ බවත් ඔහු සඳහන් කර ඇත.

ඔහු අගමැති ධූරයෙන් මෙන්ම එරට ජාතික පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් ජෝන් කී කියා ඇත්තේ තම ඡන්ද කොට්ඨාසයට සේවය කිරීමට විශේෂ වරප්‍රසාදයක් ලැබුණු බවයි. තමා ඡන්දයකින් ප්‍රතික්ෂේප වනතුරු පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම තම බිරිඳගේ ඉල්ලීම වූයේ ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම බව ඔහු කියා සිටී.

අලුතින් දක්ෂයකුට අවස්ථාව සැලසීම තමාගේ අරමුණ බවද ජෝන් කී ප්‍රකාශ කරයි. 2008 වසරේ සිට නවසීලන්තයේ අගමැති ධූරය හෙබවූ ජෝන් කී එළැඹෙන මැතිවරණයේ දී සිය පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට නව නායකයකුට අවස්ථාව ලබාදුන් බව පවසා සිටී. 



අදහස් (0)

නවසීලන්ත අගමැති ඉල්ලා අස්වෙයි

දොන් Monday, 05 December 2016 11:35 PM

මෙතුමා අපේ අගමැතිතුමාගේ හොඳ මිත්‍රයෙක් නේද? (නි)

:       0       0

ලංකා Monday, 05 December 2016 07:21 AM

ආදර්ශමත් නායකයන් රටකට වාසනාවන්. (ම)

:       0       0

නිරු Monday, 05 December 2016 07:22 AM

මෙතුමා බෞද්ධයකු නොවුනත් අත්හැරීම ප්‍රගුණ කරලා තියෙනවා.(ම)

:       0       0

රොෂාන් Monday, 05 December 2016 08:52 AM

ආදර්ශමත් නායකයෙක් (ර)

:       0       0

රූපවතී Monday, 05 December 2016 09:43 AM

අපේ ලංකාවේ කල්පයකටවත් අපිට මෙහෙම දෙයක් අහන්න නොලැබේවි ..? අපේ රටේ ඉන්නේ ..අපහාසෙට නඩුදමමින්..බලයේ රැදී ඉදල මහජන දේපල ටිකත් හොරා කාල ..ඉතුරුටික බලෙන්ම ගෙදරට අරන් යන ජාතියේ පාලකයෝ ..මෙන්න ආදර්ශවත් මිනිස්සු ..? (බ)

:       0       0

කසුන් Tuesday, 06 December 2016 04:14 AM

නවසීලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපි කවදත් බිමින් යන්නේ නැහැ (නි)

:       0       0

දිලිප් Monday, 05 December 2016 11:47 AM

ලංකා පුවත් - ලංකාවේ අගමැති ඉල්ලා අස්වෙයි හෙට සිට ඉර බස්නාහිරින් පායන බව නාසා ආයතනය පැවසීය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 350 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site