ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී යුරෝපීය පාර්ශවකරුවන් සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වනු ඇතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී මහතා අද (4) පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානය එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමය 2015 වසරේදී න්‍යෂ්ටික බලය භාවිත කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට පැමිණියහ. එය ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යනුවෙන් හැඳින්විණි. ඉරානය ගිවිසුමේ කොන්දේසි කඩ කරන බව පවසමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ මැයි මාසයේදී ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් කරගත්තේය.
එසේ වුවත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම දිගටම පවත්වාගෙන යෑමට එහි අනෙක් පාර්ශව උත්සුක වූහ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි.
“අපිට අද හෙට තීරණයකට එන්න බැහැ. ඒ නිසා එකඟතාවක් නැහැ. යුරෝපයට දැන්ම මුකුත් කරන්න බැහැ. යුරෝපයට ඔවුන්ගේ පොරොන්දු ඉටු කරන්න තවත් මාස දෙකක් විතර යාවි” යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී සඳහන් කළේය.
රොයිටර්
-055-
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘න්‍යෂ්ටික ගිවිසුම් සම්බන්ධයෙන් ඉක්මන් එකඟතාවකට එන්න බැහැ’