IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


න්‍යෂ්ටික අවිහරණය නතර කරන තුරු සම්බාධක ඉවත් නොකරයි


 
ඒ.එෆ්.පී
 
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඉතා ඉක්මණින් න්‍යෂ්ටික අවිහරණය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගෙන ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පවසයි. 
 
උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් කරන තුරු සම්බාධක ඉවත් නොකරන බවද හෙතෙම කියයි. 
 
දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමින් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එම කරුණු කීවේය. ‘සම්පූර්ණ, තහවුරු කළ හැකි සහ නැවත වෙනස් කළ නොහැකි අන්දමින්’ කෙරෙන සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයකට ඇමෙරිකා එක්සත් ජනපදය සහාය දෙන බව ද මයික් පොම්පෙඕ පැවැසීය. 
 
ඒ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ ද සඳහන් ව තිබේ. උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ හමුවීමෙන් පසු නිකුත් කළ ‘පන්මුන්ජොම් ප්‍රකාශනයේද’ එම කරුණු සටහන් විය. 
 
කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයාගේ හමුවෙන් පසු ප්‍රකාශයට පත් කෙරුණු ලියවිල්ලේ ප්‍රමාණවත් විස්තරයක් නැති බවට විවිධ පාර්ශව වලින් ඇමෙරිකා ජනාධිපතිවරයාට චෝදනා එල්ල විය. 
 
“කඩිනමින් න්‍යෂ්ටික අවි ඉවත් කිරීමේ අවශ්‍යතාව කිම් ජොන් උන් තේරුම් ගෙන ඇතැයි අපි විශ්වාස කරනවා. අපි එය ඉක්මනින් කළ යුතු” යැයි මයික් පොම්පෙඕ කීය. 
 
දකුණු කොරියාවේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව රාජ්‍ය ලේකම් මයික් පොමපෙඕ චීන විදේශ අමාත්‍යවරයා හා සාකච්ඡා පැවැත්වීම සඳහා එරටට යෑමට නියමිතය. 
 
055



අදහස් (0)

න්‍යෂ්ටික අවිහරණය නතර කරන තුරු සම්බාධක ඉවත් නොකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site