IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නයිජර් රටට පනින්න හැදු ගඩාෆිගේ පුතා අල්ලා ගනී

ඝාතනයට ලක් වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම්, ලිබියාවේ සිට අසල්වැසි නයිජර් රාජ්‍යයට පලා යෑමට උත්සහ ගත් අවස්ථාවේදී අල්ලා ගැනීමට ආයුධ සන්නද්ධ කැරැලිකරුවෝ පෙරේදා (19) සමත් වූහ. ලිබියා කැරැලිකරුවන්ට සෙයිෆ් අල් ඉස්ලාම් අල්ලා ගැනීමට හැකිවුයේ බටහිර ලිබියාවේ නයිගර්/ලිබියා දේශසීමාව අසල පිහිටි ඔබාරි කුඩා නගරයේදීය. එම අවස්ථාවේදී සෙයිෆ් අල් ඉස්ලාම්, ලිබියාවේ කාන්තාරබද ප‍්‍රදේශවල වෙසෙන සාම්ප‍්‍රදායික ටුරෙග් ගෝති‍්‍රකයකු මෙන් වෙස්වලාගෙන සිටි බව ද කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ලිබියාවේ අන්තර්වාර පාලක මණ්ඩලය පවසයි. ලිබියා කැරැලිකරුවන්ගේ ප‍්‍රකාශක ඔසාමා ජුවායිඞ් කියා සිටියේ ගඩාෆිගේ පුතා අල්ලා ගැනීමට සමත් වූයේ සින්ටානා නගරයේ කැරැලිකරුවන් බවය. ඔබාරි නගරයේ කඳුකර බඳ මාර්ගයේ සෙවිල්ලෙන් සිටි සින්තාන් නගරයේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට පෙරේදා අලූයම් කාලයේදී රහසේ ධාවනය කිරීමට තැත් කළ මෝටර් රථ දෙකක් දකින්න ලැබී ඇත. කැරැුලිකරුවන් මාර්ගය හරස්කොට වෙඩි තබා එම මෝටර් රථ දෙක නවත්වා ඇති අතර ඒවායේ සිටි පිරිස කැරැලිකරුවන්ට යටත් වී ඇත. සෙයිෆ් අල් ඉස්ලාම් සිට ඇත්තේ දෙවැනි මෝටර් රථයේ යැයි ඔහු අල්ලා ගැනීමට සමත් වූ කැරැලිකරුවන්ගෙන් කෙනකු වන අහ්මද් අම්මාර් අල් සින්ටානී විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පවසයි. ”සෙයිෆ් අල් ඉස්ලාම් ගමන් කළේ දෙවැනි මෝටර් රථයේයි. අප ඒ බව මුලින් දැන සිටියේ නැහැ. සැකකටයුතු මෝටර් රථ දෙකක් දුටු නිසා වෙඩි තබා අප ඒවා නැවැත්තුවා. අවි ගැටුමකින් තොරව වාහනවල සිටි අය අපට යටත් වුණා. එවිටයි අප දුටුවේ සෙයිෆ් අල් ඉස්ලාම්, ටුරේග් ගෝත‍්‍රිකයෙකු වගේ වෙස්වලාගෙන ඉන්නවා. ඔහු සිටියේ ආරක්ෂකයන් තිදෙනකු සමඟයි.” යැයි අම්මාර් අල් සින්ටානී හෙළි කරයි. මාස ගණනකට ඉහතදී සිදුවූ නේටෝ ගුවන් ප‍්‍රහාරයකින් සෙයිෆ් අල් ඉස්ලාම් තුවාල වී සිටි නමුත් මේ වනවිට අත්අඩංගුවේ පසුවන ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට ඔසාමා ජුවායිඞ් නිවේදනය කරයි. ගඩාෆිගෙන් පසු ලිබියාවේ පාලන බලය උරුමවීමට නියමිතව තිබුණේ තිස් නව හැවිරිදි සෙයිෆ් අල් ඉස්ලාම්ටය. ගඩාෆිගේ පළමු බිරියගේ පුත‍්‍රයා ද වන ඔහු ගඩාෆි මෙන්ම ලිබියාවේ දේශපාලනයට දායකව සිටි අයෙකි. අත්අඩංගුවට ගැනීමෙන් පසු සෙයිෆ් අල් ඉස්ලාම්, ලිබියාවේ සින්තාන් නුවරට රැුගෙන ආ බවත්, 39 හැවිරිදි වියේ පසුවන ඔහු අන්තර්ජාතික අපරාධ අධිකරණය හමුවට යොමු කිරීමට තමන් කටයුතු කරන බවත් ලිබියානු කැරැලිකාර පාර්ශ්වය අවධාරණය කරයි. ලිබියා නායක කර්නල් ගඩාෆි, පුතු සෙයිෆ් අල් ඉස්ලාම් මෙන්ම ගඩාෆි රජයේ බුද්ධි අංශ ප‍්‍රධානියා ද අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කළේ, ඔවුන් තිදෙනා එක්වී ලිබියා කැරැලිකරුවන් අමු අමුවේ ඝාතනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළේ යැයි චෝදනා එල්ල කරමින්ය. මීට හරියටම මාසයකට පමණ පෙර ලිබියාවේ සැඟැවී සිටියදී ගඩාෆි ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට කැරැලිකරුවෝ සමත් වූ අතර පසුව ඔවුහු ඔහු අමු අමුවේ මරා දැමූහ. එම අවස්ථාවේදී තම පියාට අත්වූ ඉරණම තමාට ද අත්වේවි යැයි බියෙන්, සෙයිෆ් අල් ඉස්ලාම් සැඟවුණේය. ගඩාෆි ඝාතනයෙන් පසු ඔහු, ලිබියාවේ අසල්වැසි රටවල් වන නයිගර්, මාලී සහ ඇල්ජීරියාවට පලා යෑමට උත්සහ ගන්නා බවට තොරතුරු වාර්තා විය. අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති නිසා එම රටවල් ප‍්‍රසිද්ධියේ ගඩාෆි පුතුට රැකවල් ලබා නොදෙනු ඇතැයි ද ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ එම අවස්ථාවේදී ප‍්‍රකාශ කළහ. ලිබියා කැරැල්ල ඇරැඹී, නේටෝව ප‍්‍රමුඛ බටහිර මිතුරන්ගේ සහාය ඇතිව ආයුධ සන්නද්ධ කැරැලිකරුවෝ ඔවුන්ගේ සටන මෙහෙයවා ටි‍්‍රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී ගඩාෆිගේ පුතුන් දෙදෙනකු, දියණිය සහ බිරිය ඇල්ජීරියාවට පලා ගියහ. ලිබියාවේ සංක‍්‍රාණ්තීක පාලන රජයේ නව අගමැති අබ්දුරාහීම් එල් කේයිබ් මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේ වසර 40 ක් තිස්සේ පැවැති ගඩාෆිගේ අඳුරු පාලනයේ අවසන් පරිච්ෙඡ්දය සෙයිෆ් අල් ඉස්ලාම් අල්ලා ගැනීමත් සමඟ අවසන් වූ බවය. සෙයිෆ් අල් ඉස්ලාම්, ලිබියා අපරාධ අධිකරණයක් හමුවටත් නෙදර්ලන්තයේ හේග් නුවර අන්තර් ජාතික අපරාධ අධිකරණය හමුවටත් ඉදිරිපත් කිරීමටත් ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමටත් තමා බලාපොරොත්තු වන බව ද ලිබියා අගමැතිවරයා ටි‍්‍රපොලි අගනුවරදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී සහතික වූයේය. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසා ඇත්තේ ලිබියාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් සෙයිෆ් අල් ඉස්ලාම් අත්අඩංගුවට ගැනීම ඉතා වැදගත් වනු ඇති බවය. සෙයිෆ් අල් ඉස්ලාම්



අදහස් (0)

නයිජර් රටට පනින්න හැදු ගඩාෆිගේ පුතා අල්ලා ගනී

චතුරිකා Wednesday, 23 November 2011 03:39 PM

දැන් ඉතින් ඇමෙරිකාවට හරිම ලේසියි. මොකද ලේසියෙන්ම තෙල් ටික ගන්න පුලුවන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site