බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේ බටහිර, මාලි දේශසීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සොල්දාදුවන් 25 දෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
නියාමේ අගනුවරට සැතපුම් 130ක් උතුරින් චන්දිගාර්හි මෙම කඳවුර පිහිටියේ ය.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් අල්කයිඩා සහ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධ ඉස්ලාමීය කණ්ඩායම් විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
ප්‍රහාරකයන් යතුරුපැදි සහ වෙනත් වාහන කිහිපයකින් හමුදා කඳවුර වෙත ළඟාවී ඇති අතර ගුවන් හමුදාවෙන් ඔවුන්ට ප්‍රහාර එල්ල කළ බව රජය සඳහන් කරයි.
නයිජර් රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ මෙම ගැටුමේදී ප්‍රහාරකයින් 63 දෙනකු මියගිය බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.