නයිජීරියාවේ දකුණු දිග ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
 
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාවෙන් නයිජර් හා බෙනූයි ගංගා පිටාර ගැලීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.
බොහෝ ප්‍රදේශ වලට සති දෙකක පමණ කාලයක් තිස්සේ ගංවතුර පවතින බවත් දහස් ගනන් පිරිස් අවතැන් වී ඇති බවත් බලධාරීහු පවසති.
 
වර්ෂාව තවදුරටත් පවතින හෙයින් ඉදිරි දින කිහිපයෙ මීට වඩා අවදානම් වියහැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
 
 
(බීබීසී ඇසුරිණි - 085)