සාහිත්‍යය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට කැනේඩියානු නවකතා ලේඛිකා ඇල්ස් මුන්රෝ සමත් වූවාය.
අසූ දෙවැනි වියෙහි පසුවන මුන්රෝ පසුගිය දශක කිහිපය පුරාවටම විවිධ සම්මාන වලින් පිදුම් ලැබු අතර ඇය පසුගිය වසර කිහිපය තුළ විශාල සාර්කත්වයක් අත්පත්කර ගත්තාය.
1931 ජූලි 10 වැනිදා කැනඩාවේ වින්හැම්හි ඔන්ටෝරියෝහිදි උපත ලැබූ ඇය අවුරුදු 11 සම්පූර්ණ වනවිටම ලේඛිකාවක වීමට තීරණය කළාය.
කැනඩාවේ උපත ලද තවත් ශ්‍රේෂ්ඨ ලේඛිකාවක වන මාග්‍රට් ඇට්වුඩ්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් චරිතයක් ලෙස මුන්රෝව හැඳින්වෙයි.
1950 දී ඇය බටහිර ඔන්ටෝරියා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ඇගේ පළමු කෘතිය ප්‍රකාශයට පත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd