ඇෆ්ගනිස්තානයේ ලොගාර් පළාතේ ගම්මානයක සැගවී සිටි තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් නේටෝ හමුදා පෙරේදා (6) එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. නේටෝ ප‍්‍රහාරය එල්ල වූයේ කාබුල් නුවරට දකුණු දෙසින් පිහිටි ලෝගාර් ප‍්‍රාන්තයේ ගම්මනයකටය. ප‍්‍රහාරයෙන් කාන්තාවන් පස් දෙනකු සහ කුඩා දරුවන් හත් දෙනකු මියගිය බවත් ප‍්‍රාන්ත පොලිස්පති රේමස් ඛාන් සදීක් පවසයි. ප‍්‍රහාරය එල්ල වූයේ ලෝගාර් ප‍්‍රාන්තයේ සෝදිසි මෙහෙයුම්වල නියැළි නේටෝ හමුදා සෙබළුන් කණ්ඩායමකට සටන්කාමීන් අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව යැයි නේටෝ හමුදාව පවසයි. ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ ප‍්‍රහාරයෙන් තලේබාන් සටන්කාමීන් හත් දෙනකු ද ජීවිතක්ෂයට පත් වූ බවය. සිවිල් වැසියන් ඝාතනය වූ බව නේටෝව පිළිගෙන නැත. ජෙට් යානා යොදා ගනිමින් නිවැරදි ඉලක්කයට ගුවන් ප‍්‍රහාරය එල්ල කළ බවටත් තලේබාන් සටන්කාමීන් පමණක් එයින් ජීවිතක්ෂයට පත් වූ බවටත් නේටෝ හමුදාව සහතික වෙයි. සිවිල් වැසියන් ඝාතනයට විරෝධය පළ කරමින් ඊයේ (7) කාබුල් නුවර විරෝධතා රැළියක් පැවැත්වුණු අතර ඇෆ්ගන් වැසියෝ දහස් ගණනක් ඊට සහභාගී වූහ. ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සයි නේටෝ සහ ඇමෙරිකා හමුදා ‘හුරතල් කරනවා’ යැයි විරෝධතාකරුවෝ චෝදනා කරන්න වූහ. මීට පෙර කිහිපයකදී ද නේටෝ ගුවන් ප‍්‍රහාරවලින් ඇෆ්ගන් සිවිල් වැසියන් ඝාතනය වී ඇති අතර, ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගෙන් ඇමෙරිකාවට දෝෂාරෝපණ එල්ල වී ඇත. ලෝගාර් ප‍්‍රාන්තයේ ගම්මානයට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ද ජනපති කර්සායි ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවට දොස් පවරා තිබේ. ඉන්දීය සංචාරය අවසන් කර ඊයේ ඇෆ්ගනිස්තානයට පැමිණි ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පැවැසුවේ සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට තමන් ද කටයුතු කරන බවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිට වීමට සූදානමින් සිටින්නේ 2014 වසරේදීය. ඔවුන් එසේ කරන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත පැවැරීමෙන් පසුවය.
2025 නොවැම්බර් මස 21
67
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
164
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නේටෝ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 18 ක් මියයති
කෝලිත Saturday, 09 June 2012 12:02 PM
නේටෝ වල කිසි ප්‍රශ්නයක් නෑ
ලක්ෂාන් Saturday, 09 June 2012 12:22 PM
හෙණ ගහන අපරාධ.මේවා කිසි කෙනෙකුට පේන්නේ නෑ